IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුළි කුණාටු වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනා මරුට



 
ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රදේශයට හමා එන ඇල්බර්ටෝ සුළි කුණාටුව සම්බන්ධ කාළගුණික තත්ත්වය වාර්තා කිරීමට එම ප්‍රදේශයට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකු හදිසි අනතුරකින් මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
මොවුන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය මතට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සීදුවී ඇත.
 
මයික් මැක්‍රෝමික් හා ආරොන් ස්මෙල්ට්සර් නම් මෙම මාධ්‍යවේදීන් දෙදෙනා WYFF නම් ප්‍රවෘත්ති ආයතනයේ සේවය කරන මාධ්‍යවේදීන් දෙදෙනෙකි. 
 
අනතුර සිදුවීමට විනාඩි කිහිපයකට පෙර මොවුන් දෙදෙනා ගිනි නිවන අංශයේ ප්‍රධානී ගෙයොෆ් ටෙනන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ද පටිගත කර ඇත.
 
මෙම අනතුරට මූලික හේතුව සුළි කුණාටුව නොවුණත් අධික වර්ෂාව හේතුවෙන් පස් බුරුල් වී ගස ඇද වැටෙන්නට ඇතැයි පොලිසිය පවසයි.
  
ඇමෙරිකා කාළගුණික විද්‍යා ඒකකය පවසන්නේ සුළි කුණාටුව පැයට කිලෝමීටර් 72ක වේගයෙන් ලැගුවානා කළපුව හරහා ගමන් කරමින් ඇති බවයි. 
 
ෆ්ලොරීඩා වෙරළ තීරයෙන් හා මෙක්සිකෝ බොක්ක ප්‍රදේශයෙන් දහස් ගණන් ජනයා ඉවත් කරනු ලැබ ඇති අතර ගොඩබිම් ප්‍රදේශයට දැඩි වර්ෂාපතන තත්ත්වයක් ඇතිවේ යැයි අනතුරු අඟවා ඇත. 
 
(බීබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

සුළි කුණාටු වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන් දෙදෙනා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site