බිමල් ශ්‍යාමන් ජයසිංහ
හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලාවේ භූගත අපවිත්‍ර ජල ටැංකියට වැටී පුද්ගලයන් පස් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි කළමනාකරු අප්‍රේල් 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නංගර මහත්මිය අද (20) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් ගත කැරුණේ ගංගාරාමපාර වේරහැර බොරගස්ගමුව පදිංචි ඒ.කේ.ඩී. රත්නසිරි එදිරිසිංහ යන අයවේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 297/277 වගන්ති අනුව නොසැළකිමත් හා අපරික්ෂාකාරි ක්‍රියාවක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් වීමට ඉඩ සැලසීමේ චෝදනාවට ඔහු රිමාන්ඩ් ගත කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කළමණාකරුව විතරක් අත්අඩංගුවට ගත්තේ? අයිතිකරුවාත් අත් අඩංගුවට ගන්න ඕනෑ... බොහෝ තැන්වල මේ වගේ ප්‍රශ්නවලදී ඒ නිලධාරින් අසරණ වෙනවා තමන් දැන දැන වැරදි නියෝග හා උපදෙස් දෙන්න වෙනවා... හිමිකරුවන්ගේ බලපෑම හා නියෝග මත අන්තීමට වැරදක් වුණාම වගකීමත් ගන්න වෙනවා. පොලීසියත් බයයි, ඉහල තැන්වලට අත තියන්න.
මේවා වෙන්න කලින් පී.එච්.අයි. ලා හිටියේ නැද්ද? ඒ ගොල්ලෝ වරින්වර කර්මාන්ත පරීක්ෂා කළා නම් ඉවරයිනේ. ජරාව කෑමේ විපාක...
පී.එච්.අයි. කියන්නේ අර සන්ටිබොට් මහත්තුරුන්ටද? එහෙම කට්ටියක් අද ඉන්නවද? අපෝ, මතක් කරන්න එපා .. ජරා පප්පලා. ඒ කාලෙත් උන්නැහේලට කිවුවේ `කුණු ඉස්බැට්ටර` කියල නේ!