සිවිල් වැසියන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරුවකු අල්ලා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
හෙට්ටිආරච්චි මුදියංසේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමින් හඳුන්වන ඔහු නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර්වරයෙකි.
41 හැවිරිදි ඔහු අංක වෙන්නවත්ත වැල්ලම්පිටියේ පදිංචිව සිටි බවත්, එම පුද්ගලයා ගැන තොරතුරක් ඇත්නම් පහත දුරකතන අංක වත දැනුම් දෙන ලෙසත් පොලිසිය ඉල්ලා සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය 011 24 22 176
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 011 23 20 141-145
සමූහ මංකොල්ල විමර්ශන අංශය 011 23 93 621
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ ඔහුගේ ඡායාරූපයක් පහත දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නේවි සම්පත් අල්ලන්න මහජන සහාය පතයි
සතයපාල Thursday, 03 May 2018 01:21 PM
මේ රණවිරුවෙක් නේද අත්අඩංගුවට ගන්න යන්නේ ?
Chanak Los Angeles Friday, 04 May 2018 02:16 AM
මහජන සහය කුමටද? ඔය පොලිසියේ ඉන්නවා නේද? පඳුරට ගලක් ගැසුවාම එළියට දුවන හා රංචුවලට වැඩිය උසස් තරුපටි කාරයෝ ගොන්නක්.... ඔවුන්ගෙන් කෙරෙන සේවය මොකක්ද? ඔවුන්ගෙන් සිදුවෙන සේවය වෙන්නේ අපරාධවල වාර්තා ලියා තිබෙන රාජකාරි පොලිස් පොත්වල තිබෙන පිටු විනාශ කරන්න කියා පහළ නිලධාරීන්ට තර්ජනය කරමින් දේශපාලකයින්ගේ වන්දිබට්ටයන් වීම පමණද?