IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


‘‘වී කිලෝවක් 120 අඩුවෙන් දෙන්නේ නෑ‘‘

(ක.ග.කරුණාරත්න)

වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව  ගොවි නායකයෝ කියා සිිටිති.

වකුගඩු දෙක බේරා ගැනීම සඳහා අපට කාබනික පොහොර යොදා වී වගා කරන්නැයි උපදෙස්දී දැන් රටින් ගේන හාල් කාබනිකදැයි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන බවද ඔවුහු කීහ.

කාබනික පොහොර භාවිතය නිසා අද ගොවීන්ට සිද්ධ වෙලා තියෙන දේ ගැන කතා කරනකොට සියයට 40ක් 50ක් වී අස්වැන්න අඩුවෙනවා.

දැන් අස්වැන්න නෙළන අනෙක් දිස්ත‍්‍රික්ක දිහා බලනකොට සීයට 60ක් විතර අඩුවෙලා.මේකට විකල්පයක් විදියට මහින්දානන්ද ඇමතිතුමා කියනවා මිලියන 40,000ක් වෙන්කරලා කියලා ගොවීන්ට වන්දි ගෙවන්න. මම ලංකාවේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ප‍්‍රකාශය ගැන නැවත නැවත අධ්‍යයනය කරන්න.

මේ පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා මේ බව කියා සිටියේය.



අදහස් (14)

‘‘වී කිලෝවක් 120 අඩුවෙන් දෙන්නේ නෑ‘‘

යෝගා Wednesday, 26 January 2022 10:01 PM

තියාගෙන ඔයගොල්ලන්ටම කන්න පුළුවන්... ඔය ගණන් වලට හාල් ගන්න පාරිභෝගිකයින් සූදානම් නෑ...

:       0       0

සනත් ඉතාලිය Wednesday, 26 January 2022 10:17 PM

අම්මපා ඩඩ්ලිගේ හාල්කැවිලාද කොහෙද? නැත්නම් ඩඩ්ලි උගේ හාල් මෙයාලාට කවලා. ඔයාලා 120ට වික්කාම අපි 250ටද කන්නේ..?

:       0       0

Sam Thursday, 27 January 2022 02:53 AM

මම ගොවියන්ට උපදෙසක් දුන්නොත්, ඉහළ මිලකට ඔබේ අස්වැන්න විකුණන්න එපා කියලා තමයි කියන්නේ. මුදල් අවශ්‍යතාවය පරිදි විකුණන්න.

:       0       0

deshabandu Thursday, 27 January 2022 03:43 AM

මේ "සෑර්" ට විකාරද මන්දා අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ.. විස නැත්නම් වස කාලා හරි ඉන්න දෙන්නේ නැතිව කාබනික දේවල් කවන්න ගිහින් "ෆේල්" වෙන්නමයි හදන්නේ... අපිට එපා මේ "සෑර්"... එපාමයි..

:       0       0

ගොවිරාළ Thursday, 27 January 2022 05:45 AM

පෝර සහනාධාරය දෙන්න අවශ්‍ය මිලියන පනස්දහසක් පමණි. දැන් ආධාර දෙනවා මිලියන හතලිස් දහසක්... චීන අසූචි ගත්තේ නැතුවත් මිලියන 7ක් පමණ ගෙව්වා. ඉන්දියන් දියරෙට කොපමණ ගෙව්වාද දන්නේ නැහැ. ඒකත් මිලියන 10ක් කියමුකෝ..! එවිට මිලියන 57000 ක් පමණ වෙනවා. හරිම ලාබයි අප්පා. වසවිස නැති ආහාර දෙනවා කියමින් දැන් දෙන්න හදන රට හාල් කෑවාම විසනැතුව ඇති... සැලසුමක් නැතුව කරන වැඩ නිසා අනාගතයට රටක් ඉතිරි වේද?

:       0       0

චමින්ද Thursday, 27 January 2022 05:58 AM

අස්වැන්න අඩුවුණොත් දෙනවා කියන හානිපූර්ණයත් ගම් මට්ටමෙන් හිතවතුන් සමග බෙදාගෙන කාවි. පොහොර හදන්න අක්කරයට 10000 ක් දෙනවා කියපුවා ගොයම් පෑහෙන මේ කාලය වනවිටත් නැහැ. ඒවා දුන්නේ තෝරාගත් පිරිසකට පමණයි.

:       0       0

Bamunuarachchi Thursday, 27 January 2022 07:30 AM

එහෙනම් පෙට්ටගමේ දාලා තියාගනිල්ලා... රවී කිව්ව විදිහට පිටරටින් සහල් ගෙන්වමු ලාබෙට... පාරිභෝගික අපිට ගොවියා පොහොසත් කරන්න කිසිම වුවමනාවක් නැහැ.

:       0       0

Bamunuarachchi Thursday, 27 January 2022 08:38 AM

පොහොර සහනාධාර දෙන්නේ නැහැ. මහවැලි වතුර දෙන්නෙත් නැහැ. පුළුවන් නම් වගා කරපල්ලා.. බැරි නම් ඒත් වගා කරපල්ලා...

:       1       1

Hafeel Thursday, 27 January 2022 08:54 AM

අපේ ගොවි මහතුන් ආඩම්බර වියයුතුයි... මහින්දානන්දගේ යුගයේ තමයි බර වැඩිවී ඇට නෙළන්නේ... එතරම් ඔහු දක්ෂයක් අස්වැන්න නෙළන්න කලින් වී ඇටේ බර කියන්න...

:       0       0

Pradeep Kumara Thursday, 27 January 2022 09:22 AM

ගොවියාගේ පැත්තෙන් බලද්දී මේ ඉල්ලීම සාධාරණ ඇති. නමුත් එතකොට පාරිභෝගිකයාට මොකද වෙන්නේ? හාල් කිලෝ එකක් රු. 250ටත් වැඩිවෙයි...

:       0       0

කිරි පුතා Thursday, 27 January 2022 11:18 AM

රසායනික ගහල ගහලා, ඒවා මිශ්‍ර වතුර බීලා බීලා දිට්ඨධම්මවේදනීය කර්මය විඳිමින් තවතවත් වසවිසම ඉල්ලන්නත්, කළුකඩ අතර මැදියාගේ පැත්ත ගන්නත් මේ මිනිසුන් ආත්මාර්ථකාමී වෙලා...!!!

:       0       0

fairoos Thursday, 27 January 2022 12:25 PM

සර් එක්ක ඕවා බෑ පුලුවන්නම් දෙන්ඩ නැත්නම් යන්න.

:       2       3

තුන් වේලට බත් කන පාරිභෝගිකයෙක් Thursday, 27 January 2022 01:29 PM

පොළොන්නරුවේ ගොවියෝ කහින්නේ කොහොමත් මහමෝල් හිමියෝ පදයට නේ රුපියල් 120 ට වී විකුණල පාරිභෝගිකයෝ හාල් කන්නේ කීයටද මේ උන්දලා හිතා ඉන්නේ සමස්ථ රටේ ජනගහනයම ගොවියෝ කියලා. මඩ සෝදාගත් කල එකල රජකමටත් සුදුසු වු ගොවියා අද පක්ෂ දේශපාලනයෙන් මඩ තවරාගෙන.

:       6       7

BamunuarachchiThursday, 27 January 2022 05:40 PM

තුන්වේලම බත්කන ගොයියන් ඉන්න රටකට හාල් හඳෙන් තමයි ගෙනෙන්න වෙන්නේ... අහන්න දෙයක්යැ හාල් මිල නගින එක...? ගොවියා මඩ තවරා ගෙනනම් රජකමට ගන්න පුළුවන්. මේ ගොයියෝ මෝල් කාරයෝත් එක්ක එකතුවෙලා මඩ නාගෙන. සමස්ත ජනයාම ගොවියෝ නම් කාටද වී විකුණන්නේ? බත්කන මිනිස්සු සමස්ත ජනයාම ගොවියෝ කියලා හිතන්නේ නැහැ. ඒකනේ තුන්වේලම බත් නොකන්නේ... තුන්වේලම බත් හාදයෝ හිතන්නේ රටේ ඔක්කොම ගොයියෝ රටේ හාල්වල අඩුවක් නැහැ.. කමු කමු කියා බත් ගිලිනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 883 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site