( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය.
තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝග කළේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අදාළ ව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම සැකකරුවන් විසින් ගම්පහ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
COMMENTS
GSP එකට බය වෙලාද?
GSP නැතිවේවි කියන බයට ශානිව ඇප පිට දාලාද කොහේද?
යුරෝපීය සංගමය හොඳ වැඩක් කරනවා.
හොඳ දෙයක්...!!!
යුරෝපා සංගාමය යොජන කරපු ගමන් හරි
වාස් ගුණවර්ධන ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගියා කියලා බොරු නඩුවක් ගොතපු එක රටම දන්නවා. දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් බේරෙන්න බැරියෑ...
මෙදා සැරේ අධිකරණයේ ස්වාධීනත්වය පෙන්නලා දීලා තියෙනවා...
GSP වලට බොහෝ දේ කිරීමට හැකි බව පෙනේ.
අපෝ යන්තම් ඇති අවංක නිලධාරියෙකුට නිදහසක් ලැබීම...
බොරු මාධ්‍ය සංදර්ශන එපා.. ගහපු පදයකුත් නෑ. බෙරේ පලුවකුත් නැ.
GSP උණ ...
රාජ උදහසට ලක්වුණාම ඕනෑම උත්තමයෙක් නඩුනැතිව හිරේ යන රටක් මේක... ආයුබෝවන්..!!!
යුරෝපා සංගමයට බයවුණා නේද?