IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුළි කුණාටුව ගුවන් ගමන් ප්‍රමාද කරයි

(ටී.කේ.ජී.කපිල )

ජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට ඇතුළුවීමට නියමිත හැගිබිස් සුළි කුණාටුව නිසා, එරට වෙත පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 7 කින් පමණ ප්‍රමාද කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර සිටියි.

මෙම හැගිබිස් සුළි කුණාටුව හෙට (13) සවස ජපානයට ඇතුළු විය හැකි බවට, එරට කාලගුණික අංශ මගින් දැනට අනාවැකි පළකර ඇති නිසා, අද පස්වරු 7.15ට ජපානයේ නරීටා බලා පිටත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 460 දරන ගුවන් යානය හෙට (13) අලුයම 2.35 දක්වා ප්‍රමාද කර තිබේ.

එහෙත් ජපානයට මෙම සුළි කුණාටුව හෙට (13) සවස ඇතුළු වීමට නියමිත නිසා, එරට ගුවන් ගමන් මෙන්ම සියලු අනෙකුත් ප්‍රවාහන සේවා ද අඩපණ විය හැකි බවට ජපාන බලධාරීන් විශ්වාස කරන බැවින්, එරට තත්වය තවදුරටත් විමසා බලා කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානා ජපානය බලා පිටත් කරන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ +94117771979 හෝ ඔබගේ සංචාරක නියෝජිතවරයාගෙන් විමසා දැන ගන්නා ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.



අදහස් (2)

සුළි කුණාටුව ගුවන් ගමන් ප්‍රමාද කරයි

අමිල ටෝකියෝ Saturday, 12 October 2019 11:09 PM

මේ හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි.

:       0       0

chandima Sunday, 13 October 2019 01:46 AM

මේ වෙනකොට ජපානේ මහා විශාල විනාශයක් වෙලා. මේ ගැන ඉතාම කණගාටුයි. නමුත් මට බය දැන් ජපානේ ඉඳිකිරීම් වලට රැකියා දෙනවා කියල ඉල්ලුම් පත්තර බෙදලා අපේ අය ඡන්ද කඩාගන්න මානබලයිද කියආ? මොකද මොන දෙයක් උනත් අපේ දේශපාලකයෝ කල දුටු කල වල ඉහගන්න පිරිසක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 209 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site