IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එජාප ඩිජිටල් මැතිවරණ රැස්වීම අනිද්දා

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ පළමු මැතිවරණ රැස්විම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (28)  පස්වරු 4.00 ට ආරම්භ කිරීමට නියමිතය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පවත්වෙන එම රැස්විමට සමගාමීව සෑම මැතිවරණ කොට්ඨාසයකදීම  අපේක්ෂකයන් විසින්  තවත් මැතිවරණ රැළි 160ක් පවත්වන බවද මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා පැවසීය.

එම සෑම රැළියක්ම මැතිවරණ කොමිසමේ  උපදෙස් මත  උපරිමය සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන බවද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවසීය.

ඒ අනුව මැතිවරණ රැළි  160කින් 16000ක්  අවම වශයෙන් මේ සඳහා සහභාගී වීමට නියමිත බවත්  මෙයට අමතරව නිවෙස්වල  සිට මෙම රැස්වීම්වලට  සහභාගී විය හැකි බවත් රත්නායක මහතා කීවේය.

එක්සත් ජාතික  පක්ෂ නිල ෆේස්බුක් අඩවිය, යූ ටියුබ් ඇතුළු නව මාධ්‍ය  මගින් මේ හා සම්බන්ධ වීමට පහසුකම් සලසා දී ඇති බවද  ඔහු පැවසීය.

අනෙකුත් පක්ෂයන්ට ආදර්ශයක් වෙමින් ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් ජනතාව ආරක්ෂා වන ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම මෙහි අරමුණ බවද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

එජාප ඩිජිටල් මැතිවරණ රැස්වීම අනිද්දා

Anuruddha Friday, 26 June 2020 11:18 AM

100 කට වඩා සහභාගී කරවා ගන්නේ නැද්ද? හොඳ වෙලාවට උපරිම අගය 100 කරලා තියෙන්නේ.. උපරිම අගය 200 නම් මේ අයට මාර ප්‍රශ්නයක් වෙන්නේ... 200ක් හොයාගන්න.

:       35       7

Prabha Friday, 26 June 2020 02:20 PM

රනිල් උන්නැහේ හීනෙන් දකිනවා ඇත්තෙත් ඩිජිටල්, වයිෆයි, ටැබ්ලට් විතරක් වෙන්න ඇති...

:       31       105

Mahesh Friday, 26 June 2020 03:25 PM

එජාපෙට සීයක් හොයා ගන්නවා කියන්නෙත් පොහොට්ටුව හෝ සමගි බලවේගය වගේ පක්ෂ දහදාහක් ගෙන්වනවා වගේ වැඩක්... ඉස්සරහට කොහොමත් ඩිජිටල් තමයි එජාපයට ඕවා කරන්න වෙන්නේ... මොකද ඉතින් පාක්ෂිකයන් නැති බෝඩ්ලෑලි පක්ෂයක් වෙන මොනවා කරන්නද..? නේද..?

:       74       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site