(නිමල කොඩිතුවක්කු)
අයවැය පොරොන්දු ඉටු ඉටුකිරීමට අපොහොසත් ජනාධිපතිවරයා රාජපක්ෂවරුන්ට සහ පොහොට්ටුවට දුන් පොරොන්දු ඉටු කරමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අද (03) ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයා ගේ අයවැය පුස්සක් වෙද්දි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඇමති සිහින සැබෑ කිරීමට ජනාධිපතිවරයා සමත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
ජනාධිපතිවරයා රටේ ජනතාව අමතක කර පොහොට්ටුවට සහ රාජපක්ෂවරුන්ගේ පමණක් ජනාධිපතිවරයා බවට පත්ව ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.
COMMENTS
ඔගොල්ලත් 2015 දී හොරු අල්ලනවයි කියල බලයට එවින් පොරුන්දු ඉටු කලාද? අද වගේ එදාත් පොරුන්දු ඉටු නොකළ රනිල්ව, ඔහුට එරහිව විශ්වාස බන්ගයෙදී ඔයාල ඔහුව ආරක්ෂා කළා. එම නිසා ඔයාලත් එකයි, රාජපක්ෂලාත් එකයි, රනිලුත් එකයි. වෙනසක් නැහැ.