(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙමස් වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට මල් රැගෙන නිවස කරාසුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණ විද්‍යාඥයකු ගෝනපොල කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටි මියගිය බව මොරගහහේන පොලිසිය කියයි.
අනතුරින් මිය මියගොස් ඇත්තේ ගෝනපොල කුඹුක නැගෙනහිර පදිංචි නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර 37 නමැත්තෙකි.
මියගිය විමුක්ති මහතා මාස තුනක් වයසැති තම කුළුඳුල් දරුවාට අද අළුයම ලබාදීමට නියමිතව තිබූ කිරි දානය සඳහා මල් රැගෙන ඒම සඳහා පිලියන්දල ප්‍රදේශයට ගොස් යලි නිවස කරා පැමිණීමේ දී ටෙලිකොම් ආයතනය මගින් සිදුකළ සංවර්ධන කටයුත්තකින් පසු අනාරක්ෂිත අයුරින් තබා තිබූ මාර්ග බාධක හා කොන්ක්‍රීට් තට්ටුවක් මත මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරක් සමඟම මෝටර් රථයේ වායු බැලුන් දෙක ක්‍රියාත්මක වී ඇති අතර මීටර් 100 ක් පමණ ඉදිරියට ඇදී ගිය මෝටර් රථය මැද දූපතේ ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක විමත් සමගම එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙල ප්‍රදේශය තදින් කැපී ඇති අතර රෝහල ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
COMMENTS
රටටම පාඩුවක්. නිවන් සුව ලැබේවා.!
බොහොම කණගාටුදායකයි. ටෙලිකොම් වැනි ප්‍රධාන පෙලේ සමාගමක් වෙලත් ආරක්ෂාව පිළිබඳ කිසිම වගකීමක් නැතුව ක්‍රියා කරලා තියෙන්නේ.
ටෙලිකොම්, ජල සම්පාදන මාර්ග සංවර්ධන අධිකාරිය පාරේ වලවල් කපා ඒවා අනාරක්ෂිත තැබීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පේනවා. අනිවාර්යයෙන්ම ඔවුන් මේ මරණය සඳහා වගකිව යුතුයි.
Here in Australia so many vehicles (all brands) were recalled for a Air Bag safety breach. (Yes it was related to risk of accident on deployment) Did it happen in Sri Lanka? Sue the company.
Don't use luxury car word this is just a 15 years old he Honda insight car because of the old car airbag system he died thanks to srilankan government we pay many taxes and buy less safety cars
පණ්ඩිතයින්ට ඒදණ්ඩේ යන්න බැහැ කියන්නේ මේවට... කොච්චර උගත් වුණත් වැඩක් නැහැ... එයාගේ ජීවිතය, වාහනය පාලනය කරගන්න දන්නේ නැතිනම්.. කණගාටුයි...
විද්‍යාඤයෙක් වෙලත් මේ වගේ මිත්‍යා වැඩ කරන එකයි ප්‍රශ්නය. වෙන ගමනක් ගියත් වෙන්න තිබුන. නමුත් මේ වෙලාවෙ යාමට කාරනාව උන මේ ක්‍රියාවට අනුබල දුන් අය මෙය කෙසේ සිහිපත් කරන්නද?
එයාර් බෑග් තාක්‍ෂණයෙන් වැඩි හරියක් පෙනෙන්නේ රියදුරු හිස දෙසට යොමු කර ඇති ආරක්‍ෂිත මුදා හැරීමේ තුවක්කුවකි. ප්‍රේරකය ඉදිරිපස බලපෑම් සංවේදක සහ අනතුර වනු ඇත.. SRS සහ අදාළ එයාර් බෑග් නිෂ්පාදකයා අමතන්න, විදේශීය සමාගම්වලින් වන්දි ඉතා ඉහළ වනු ඇත… ආරක්ෂාව සඳහා SRS එයාර් බෑග් ප්‍රදේශ අසල කිසිම ද්‍රව්‍යයක් දාන්න එපා කියලා අත්පොතෙහි සඳහන්ව ඇත
මෙය වායු බෑගයේ ප්‍රශ්නයක්. ටොයෝටා ලංකා ඇතුලු බොහෝ කම්පැනි වාහන නැවත ගෙන්වා නිවැරැදි කර තිබෙනවා. 2005 - 2015 අතර ඇතිනම් ඔබේ වාහනය ගැනත් විමසිල්ලෙන් ඉන්න.