
(අංජුල මහික වීරරත්න)
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම එල්.පී ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
එම ගෑස් මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්රෝ සමාගම විසින් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.
මෙම තොගය මාස හතරකට රටට ගෑස් සැපයීමට ප්‍රමාණවත් වනු ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මෙම ගෑස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇතැයි ද එයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇතැයි ද ඉතිරි ගෑස් 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇතැයිද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
ගිවිසුමට අනුව ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික ගෑස් තොගය ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එය බෙදා හැරීම වහාම ආරම්භ කෙරෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් බතල හිටවන්න නෙමෙයිනේ..! වේලි වේලි ඉන්න මට අහලා ගියොත් මොකද කියලා ගෙදරට නාකිවෙච්ච කෙනෙක් කිව්වලු...
2023 ජූලි මාසයේද?