IMG-LOGO

ආණ්ඩු - දේශපාලන පක්ෂ පිහිටුවිමේ බලාපොරොත්තු මට නෑ

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩු පිහිටුවිමේ හෝ දේශපාලන පක්ෂයක් පිහිටුවිමේ  බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත්  විනයගරුක, නීතිගරුක සාධාරන සමාජයක් ගොඩනැගීම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික  ව්‍යාපාරයේ අරමුණ බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික  ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී අද(29) පැවසීය.

තනි මතයට කටයුතු නොකර පොරොන්දු වූ ආකාරයට අනෙකුත් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමග සාකච්ඡා කර රටේ සෑම කොටසක්ම  එකතු කරගෙන සමගියෙන් සාමදානයෙන් මේ රටට යහපත් නව ව්‍යවස්තාවක් ගේන්න කියා රජයෙන් ඉල්ලා සිටින බව ද හිටපු කථානායකවරයා  කීවේය.

 ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ලක්ෂ 69 මෙන්ම අහිමි වූ ඡන්ද ලක්ෂ 62 පිලිබඳවත් අවධානය යොමුකරමින් රාජ්‍ය පාලනය ගෙනයාම ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආන්ඩුවේ වගකීම වියයුතු බවද කොළඹ 5 ජානකී හෝටලයේදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් එක්ව සිටි අතර එම දේශපාලන පක්ෂ නියෝජිතයන් වෙත සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික  ව්‍යාපාරයේ යෝජනා භාර දීමක්ද මෙහිදි සිදුකෙරිණ.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කථානායක කරූ ජයසූරිය මහතා මෙසේද කීවේය.

“ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වෙනුවෙන්  මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික  ව්‍යාපාරය 2014 වසරේදී මෙවැනි රැස්වීම්  පවත්වමින් ජනතාව දැනුවත් කරමින් විශාල කාර්යක් ඉටුකළා. සෝබිත හිමියන්ගේ අපවත් වීමෙන් පස්සේ අද පලවෙනි වතාවට යළිත් සිවිල් සංවිධානත් විපක්ෂයේ පක්ෂත් එක්ක එකතුවෙලා රට වෙනුවෙන්  එක තැනක හිටගෙන තිබෙනවා.  ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනිම වෙනුවෙන්  අපි දරන උත්සාහයේ ආරම්භයක් විදියට අපි මේක දකිනවා.
 
ආණ්ඩව  පෙරලීමවත්, ආන්ඩුව අපහසුතාවයට පත්කිරීමටවත්,  පදවි තානාන්තර ගැනීම සඳහාවත් නෙමෙයි අද අපි  මේ එක වේදිකාවකට ගොඩවෙලා තියෙන්නේ.  රටේ අනාගතයට බලපාන මේ විසිවන සංශෝධනයට එරෙහිව පෙරමුණ ගැනීම තමයි අපේ මේ සාකච්ඡාවේ අරමුණ වී තිබෙන්නේ.
 
යෝජිත විසිවන සංශෝධනය  මගින් මේ රට මහා ව්‍යසනයකට  මුහුනදීලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදි මූලධර්ම සම්පූර්නයෙන්ම  උල්ලංගනය වෙමින් මිලියන 22ක  ජනතාවගේ පූර්ණ  අයිතිවාසිකම් තනි පුද්ගලයෙකුට ලබාදීමට මින්  උත්සාහ කර තිබෙනවා.
 
මේ මගින් මිලියන  22ක ජනතාවගේ අයිතිය එක් පුද්ගලයකුට පැවරෙනවා. ඒක රටකට හිතකර දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර රජය ගත යුතුයි.
 
ජනාධිපතිවරයා ඇතුලු මේ ආණ්ඩුව යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය යහපත් අරමුණකින් ඉදිරිපත් කරන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. නමුත් මෙතනදි ප්‍රජාතන්ත්‍රවාදයට යම් ගැටලු සහගත තත්වයක්   සහ අනාගතයේදි මේ තුලින් ඇතිවෙන හානිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවිහිමියෙන් පෙනීසිටි අයෙකු විදියට මම දකිනවා. අපිටත් ඇස්, කන්,  නාසා වසාගෙන ඉන්න බැහැ.
 
1978 වසරේ දී ජේ. ආර් ජයවර්ධන මහතා නව ව්‍යවස්ථාව හඳුන්වා දීපු වෙලාවෙ විවිධ මත පළ වුණා. විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයම එය අහෝසි කළ යුතුයි කියලා කතරගම  පැවති පක්ෂ සම්මේලනයකදී ඒකමතික තීන්දුවක් ගත්තා.
 
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සිට ඊට පසුව ඉදිරිපත්වූ සෑම ජනාධිපති අපේක්ෂකයෙක්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දුන්නත් එය සිදුවුණේ නැහැ.ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම වෙනුවෙන් සිවිල් සංවිධාන හා එක්ව අපි විශාල කාර්යභාර්යක් සිදුකළා. මෙහි ප්‍රතිපලයක් විදියට දහනම වන සංශෝධනය ඉදිරිපත් කර විධායක ජනාධිපති ධුරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට අපට හැකියාව ලැබුණා.
 
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒ වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටුකළා. උන්වහන්සේගේ නායකත්වයෙන් විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් සිවිල් සංවිධාන විද්වතුන් මේ සටනට පණ පෙව්වා.



අදහස් (5)

ආණ්ඩු - දේශපාලන පක්ෂ පිහිටුවිමේ බලාපොරොත්තු මට නෑ

SUNIL MILANO Tuesday, 29 September 2020 01:21 PM

අනේ පව්... නීතිගරුක කරූ...

:       5       2

Lelwala Tuesday, 29 September 2020 04:11 PM

ඔබතුමාට මේ රටේ කවදාවත් නායකයෙක් වෙන්න බැහැ. කථානායකකම ලැබුණේ පෙරපිනකට... ඔබ මොනවද මේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ..? යහපාලනය කියලා එකතුවෙලා රට විනාශ කළා.

:       4       5

chandima Tuesday, 29 September 2020 06:36 PM

ඒකනේ ඔබතුමා හැමදාම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරලා තියාගෙන උන්නේ...

:       0       0

lelwala Wednesday, 30 September 2020 01:56 AM

ඉතාමත් හොඳයි. මිනිස්සු දන්නවා ඔබ කළේ මොකක්ද කියලා..? ඔබ යහපාලනයේ සාමාජිකයෙක්...

:       0       1

chandana Wednesday, 30 September 2020 05:48 PM

සාධාරණ සමාජයක් බිහිකිරීම සඳහා, යහපාලනයෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය වීම සඳහා ඇපකැපවී කටයුතු කරපු, පළාත්පාලන ඡන්දයේදී ජනමතය පිළිබිඹු වුවත් එය නොදැක්කා සේ සිට ශබ්දයෙන් ජනහඬ හඳුනාගත්, පුදුමාකාර අපක්ෂපාතී මිනිසෙකි මේ... අප විසින්ම බලය දීපු රටම නියෝජනය කරන අයෙකුට විධායක බලතල දෙන එක හොඳා අපි බලය නොදීපු දිස්ත්‍රික්කයක් විතරක් නියෝජනය කරන අයට විධායක බලතල දෙනවට වඩා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 773 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1194 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site