IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මත්තල වී ගබඩා කිරිමෙන් වූ හානිය ගැන වාර්තාවක් ඉල්ලයි

 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

යහපාලන රජය සමයේ මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරිමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව හා හානිය පිළිබඳව ගණනය කර වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බලධාරින්ට උපදෙස් දුන්නේය.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ගුවන් සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් තොටුපළ ඉදිරි කටයුතු පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. 

මෙම සාකච්ඡාවේ දී වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ මත්තල වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවැරදි තක්සේරුවක් මෙතෙක් කර නොමැති බවයි.

ඒ පිළිබදව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම සමාගමේ මූල්‍ය ප්‍රධානියාගෙන් විමසු විට ඔහු ද එය පිළිගත්තේය. ඇමැතිවරයා මෙහිදි අවධාරණය කළේ මේ පිළිබද ව නිවැරදි තක්සේරුවක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි.

පසුගිය යහපාලන රජය බලයට පත්වීමෙන් පසු 2015 යල කන්නයේ දී හම්බන්තොට මත්තල ගුවන් තොටුපළේ  කාර්ගෝ ගොඩනැගිල්ලක  වී මෙට්‍රික් ටොන් 4000 ක් ගබඩා කිරීමට කටයුතු කළේ යල කන්නයේ දී වි ගබඩා කිරීම සදහා අවශ්‍ය ගබඩා පහසුකම් නොමැති බව පවසමිනි.  

 වී ගබඩා කිරීම සදහා යොදා ගැණුනේ මත්තල ගුවන් තොටුපළේ කෝටි 200ක අධික වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලකි. එක්ස් රේ ස්කෑන් යන්ත්‍ර, අධි තාක්ෂණික උපකරණ, වායු සමිකරණ යන්ත්‍ර, අධි ශීතකරණ කාමර සහිත ගොඩනැගිල්ලක් වූ මෙහි සංවේදි උපකරණ ගලවා ඉවත් කර වී ගබඩා කිරීම සදහා යොදා ගත් බවට චෝදනා නඟා තිබේ.

වි ගබඩා කිරිමෙන් එම ගොඩනැගිල්ලේ වායු සමිකරණ පද්ධතියට, විදුලි පද්ධතියට, ගුවන් යානා ගොඩ බැස්සවීමේ දී ගුවන් පථය පෙන්වා දෙන විදුලි ආලෝක පද්ධතියට හානි සිදුව ඇතැයි මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ පරීක්ෂණ වලදී  අනාවරණය විය.

 



අදහස් (6)

මත්තල වී ගබඩා කිරිමෙන් වූ හානිය ගැන වාර්තාවක් ඉල්ලයි

de silva Sunday, 16 August 2020 10:07 AM

ඔය මගුල් නෙවේ, අර විදේශ ශ්‍රමිකයන් ටික ලංකාවට ගෙන එන්න. නැතිනම් ඒ අය අරාබි රටේ කන්න බොන්න නැතිව මැරිලා යාවි...

:       0       1

Madawa Sunday, 16 August 2020 11:03 AM

පක්ෂ, පාට බේදයකින් තොරව මේකට අනුමැතිය දුන් කට්ටියට දඬුවම් දිය යුතුමයි. තවත් පක්ෂයකට පහර ගහන්න රටේ සම්පත් විනාශ කිරීම කෙසේත් අනුමත කළ නොහැකියි.

:       0       0

ත්‍රීවීල් Sunday, 16 August 2020 11:38 AM

වරදකරුවන්ට දඬුවම් නොදෙයිනම් ඔය පරීක්ෂණ කරලා ගණන් හිලව් කිව්වා කියලා සාමාන්‍ය ජනතාවට සත පහක වැඩක් නෑ. මීටකලින් බැඳුම්කරේ පාඩුව හරියටම රුපියලට ගණන් බැලුවා.. ඒත් වරදකරුවෙක් තාම ඇල්ලුවේ නෑ... ප්‍රසන්න රණතුංග රටට වැඩක් කලේ නෑ කවදාවත්... බොරු මාධ්‍ය සංදර්ශන විතරයි. අනික සංචාරක ඇමතිට අදාල නෑනේ ඕවා... ගෝඨාභය ජනාධිපතිතුමාගේ නම කන්නේ නැතුව වැඩක් කරන්න බලන්න ඔය ගොං පාට් නවත්තලා...

:       0       0

Bamunuarachchi Sunday, 16 August 2020 01:21 PM

ඒ කාලේ මත්තල ගබඩා කරන්න තරම් වී තිබුණු රටක්... මේ අය අවුරුදු 5කදී වී ඇටයක් නැති තැනට ගේනවා.

:       0       0

vinivida Sunday, 16 August 2020 01:33 PM

මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කළබව සැබෑය. නමුත් ඔබ සඳහන් කර ඇති උපකරණ දෝෂ සහිත වී ඇත්තේ එම උපකරණ පාවිච්චියක් නොමැති නිසාවෙනි. මත්තල තිබෙන්නේ වසා තිබෙන ගුවන් තොටුපලකි. මත්තල ගුවන් තොටුපල විවෘත කළ දා සිට අද වනතුරු සුදු අලියකු බවට පත්ව ඇත. මෙම ගුවන් තොටුපල නඩත්තු කිරීමට දිනකට වැයවන මුදල සහ සමස්ත මුදල රටට හෙළිකරන්න. එම මුදලෙන් වී ගබඩා කිරීමට වැයවූ මුදල අඩුකර සිදුව ඇති සහ සිදුවෙමින් පවතින පාඩුව රටට කියන්න... වර්තමාන රජයේ කිසිම ඇමතිවරයකු (රාජපක්ෂලා හැරුණුකොට) ඔවුන්ට ලැබුණු ඇමති තනතුරු පිළිබඳ සෑහීමක් නොමැත. නමුත් ජනාධිපතිවරයා එම තනතුරු ඔවුන්ට ලබාදී ඇත්තේ විද්‍යාත්මක පදනමක් මතවේ. රටට වැඩකරන්නට තනතුරු අවශ්‍ය නොමැත. ජනාධිපතිවරයා විසින් දේශීයත්වය, දේශීය ආර්ථිකයට මුල්තැන දෙමින් පත්කොට ඇති ඇමති මණ්ඩලයට දැන් තිබෙන්නේ වැඩපෙන්වීමට වේ. අනෙක පොහොට්ටුව ආරම්භ කළදා සිටි පිරිසට තනතුරු ලැබී ඇත. ඇමති තනතුරු නොලැබුණු අනෙක් කණ්ඩායම වාසියට දිනන පැත්තට පනින තනතුරු ලබාගන්න මිස රටට වැඩකරන පිරිසක් නොවන බව ජනාධිපතිවරයා හොඳින්ම දනී.

:       0       0

de silva Monday, 17 August 2020 06:39 AM

ඕකේ වී ගබඩා කළේ රනිල්... රනිල්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රාජපක්ෂලා ඔවුන් ආරක්ෂා කරන නිසා... මැදපෙරදිග අසරණ වෙච්ච මිනිස්සු ජීවිතයත්, මරණයත් අතර සටනක් කරනවා. ඔවුන්ව ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරන්නේ නැතුව ඇමැති දැනට අවුරුදු ගණනාවකට කළින් පවත්වාගෙන ගිය වී ගබඩාවක් ගැන හොයනවා. ඕක ඒසී කරලා තිබෙනවා නම් අසරණු වුණු විදේශ ශ්‍රමිකයෝ ටික ලංකාවට ගෙනත්, ඔය ගබඩාවෙම තියලා නිරෝධායනය කරන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site