IMG-LOGO

2023 සැප්තැම්බර් මස 30 වන සෙනසුරාදා


උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක්

(අංජුල මහික වීරරත්න)

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝග පරිදි මේ කාර්යාලය පිහිටුවා ඇත.

යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති මෙම කාර්යාලය මගින් මාස හයක කාලසීමාවක් ඇතුලත අදාල ගැටලුව විසඳිය යුතු බවට ද සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙසත් පාරම්පරික ඉඩම් හිමි ජනතාවට අසාධාරණයක් නොවන ලෙසත් මෙම ගැටලුව විසඳීම අරමුණු කර ගනිමින් අදාල කාර්යාලය පිහිටුවන ලෙස සාගල රත්නායක මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් ලබා දී තිබේ.

2009 වර්ෂය වන විට ආරක්ෂක හමුදා සතුව ජනතාවගේ ඉඩම් අක්කර 23,850.72 ක් පැවැති අතර මෙම වසර මුල වන විට එම ඉඩම් වලින් අක්කර 20,755.52 ක් මුදා හැර තිබේ. තවත් අක්කර 106 ක භූමි ප්‍රමාණයන් 2023 පෙබරවාරි මාසයේ මුදා හැර ඇත.

තවත් අක්කර 2989.80 ක් ජනතාවට මුදා හැරීම වෙනුවෙන් හදුනාගෙන තිබෙන අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගිය හැකි ගැටලු වලට විසඳුම් ලබා දීමෙන් අනතුරුව එම ඉඩම් ප්‍රමාණය ද නිදහස් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාරම්පරික ඉඩම් ජනතාවට මුදා හැරීමේදී ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවට කිසිදු ගැටළුවක් නොවන අයුරින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් මෙම කාර්යාලය ස්ථාපිත කොට තිබේ.

 



අදහස් (5)

උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක්

උපාලි Saturday, 10 June 2023 08:27 AM

උතුරේ හිටිය සිංහලයින්ගේ ඉඩම් වලට සාධාරණයක් වෙනවද? එක පළාතකට විතරක් මොකටද තේසවලමේ නීතිය. එය ඉවත් කරනවාද?

:       1       13

චන්දිම ෆොන්සේකා Saturday, 10 June 2023 10:25 AM

ඡන්දෙන් පැරදිලා මිනිස්සු සතපහකට ගණන් ගන්නේ නැතුව හිටපු කුණු කුඩේට විසිවෙලා කොහේ ඉඳන් ආපු අයද මේ? මේ රටේ අනාගතයට බලපාන ප්‍රශ්න ගැන මහා ලොකුවට තීරණ ගන්න ලොකු ලොක්කෝ වෙලා ඉන්නේ... මේක තමයි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලොකුම දුර්වලතාවය. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඊළඟ සංශෝධනයකදී වත් මේ හොර පාරවල් අහුරලා දාන්න ඕනෑ...

:       3       9

උපාලි Saturday, 10 June 2023 12:04 PM

චන්දිම ඔයා හරියටම හරි, කුණු කූඩෙට වැටිලා හිටිය හිකනලෙක් යන උඩක්...

:       1       3

jagath Saturday, 10 June 2023 11:22 AM

රට කනවෝ... ඡන්දෙ ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරන අය එළවමු...

:       3       5

සල්ලි Saturday, 10 June 2023 05:33 PM

යුද්ධය කරපු රණවිරුවන්ටත් ඉඩම් කෑලි තූත්තු කුඩියෙන් හරි දුන්නා නම් හොඳයි. ඒ කෙසේ වෙතත් රණවිරුවන් බේරලා දුන්නු රටේ දේශපාලන ව්‍යවසායකයින් සහ එයාලගේ බබීලා බේබිලා හරිම ලස්සනට ගෙවල් පිටින් ඉඩම් අල්ලන් කොළඹ හතෙන්ම... අසාධාරණය ඔඩු දුවලා....

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංග්ලාදේශය පුහුණු තරගයෙන් ජයගනී
2023 සැප්තැම්බර් මස 29 323 0

ඉන්දියාවේදී ලැබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංක පිල ගුවහාටිහිදී අද (29) සහභාගි වූ පළමු පුහුණු තරග


මහින්ද කැලණිය වැඳපුදා ගනී
2023 සැප්තැම්බර් මස 29 483 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කැලණිය රජමහා විහාරයට ගොස් වැඳපුදා ගත්තේය.


නොවැම්බරයේ ලයිට් බිලට වෙන දේ චම්පික කියයි
2023 සැප්තැම්බර් මස 29 606 0

විදුලි බල මණ්ඩලය කෑලි 15 කඩා ප්‍රතිව්‍යුහගත කර එළඹෙන නොවැම්බර් මාසයේදී සියයට 22 කින් විදුලි බිල නැංවීමට කටයුතු කරමින් සිටින බව, එක්සත් ජනරජ පෙරමුණේ නායක,


කොස්තාපල්ව හැප්පූ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට
2023 සැප්තැම්බර් මස 29 250 0

මොරටුව එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරයකු පැදවූ මෝටර් රථයේ ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා අද (29) රෝහල් ගත කර ඇතැයි ගල්කිස්ස පොලිසිය ප


14 හැවිරිදි ළමයෙක් කොග්ගල මෝයකටේ ගිලි අතුරුදහන්
2023 සැප්තැම්බර් මස 29 306 0

වරකාපොල සිට විනෝද චාරිකාවක් පැමිණ කොග්ගල මෝය කට අසල මුහුදේ දිය නාමින් සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකු අද සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිස


කෙසෙල් සමග කුඩු බෙදයි
2023 සැප්තැම්බර් මස 29 326 0

කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි පුද්ගලයෙක් සැකකරුවන්ට දීමට රැගෙනආ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩිවල අඟල් 3 සහ 4 ප්‍රමාණයේ බී


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1997 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 765 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site