IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


එල්ලේ නායක ඝාතනයට හමුදා සාමාජිකයන් තව පහක් අල්ලයි

(නිමන්ති රණසිංහ)

තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරට අනියුක්ත තවත් යුද හමුදා සාමාජිකයන් පස්දෙනෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙම සිද්ධියට අදාළ බව කියන එම බුද්ධි අනුඛණ්ඩය භාරව සිටි නිලධාරියා ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකකරුවන් අදාළ ඝාතනයට උපයෝගී කරගත් බව කියන කැබ් රථ දෙකක් ද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම සිද්ධියට අදාළව පොලීසිය අත්අඩංගුවට ගත් එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාමනිලධාරිනිය සහ යුද හමුදා කෝප්‍රල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් 09 දෙනකු ලබන 30 වැනිද තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබේ.

 



අදහස් (2)

එල්ලේ නායක ඝාතනයට හමුදා සාමාජිකයන් තව පහක් අල්ලයි

Kamal Saturday, 18 September 2021 07:22 AM

ලෝකෙ ඉන්න හොඳම හමුදාව කීවට මෙහෙම වැරදි වෙන්න පුලුවන්.

:       1       5

විජේ Saturday, 18 September 2021 07:23 AM

නිකම්ම නිකං බුද්ධි අංශයේ වෙන්ඩ බෑ,

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site