(නිමන්ති රණසිංහ, ෂෙහාන් චාමික සිල්වා)
අධික ශබ්දයක් සහිතව ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළැයි චෝදනා ලැබු ඇලන්මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ වරෙන්තු ආපසු කැඳවු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය උන්වහන්සේට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළාය.
හිටපු ඇමති මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පැමිණිලි කර තිබිණි.
ඉකුත් නඩු දිනයේ දි අධිකරණයට නොදන්නවා විදේශ ගතව සිටි උඩුවේ හිමියන් ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ අතර නඩු විභාගය අප්‍රේල් 5ට කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.
COMMENTS
එතකොට කිලෝ මීටර් ගණන් දුර ඇසෙන්නට මුසලිම් පල්ලි වල කරන යාඥා ප්රචාරයන්ට විරුද්දවත් මේ වගේ කටයුතු කරනවාද? සිංහල බෞද්දයාට පමණක් මේ නීති බල පවෙත්වෙන්නේ මන්ද ?
මොන බොරුවද මේ පාර ගිහිල්ල කියල තියෙන්නේ. අලි පැටියා කවුදෝ ගෙනල්ල දාලගියා වගේ එකක්ද?
මේවා කරන දේශපාලකයන්ගේ තට්ටය පලන්න ඕන
මොකා කරත් මේ වැඩේ වැරදියි ....
උන්වහන්සේ මේ ලන්ඩන් නගරයට වැඩියේ වෙනත් නඩුකාරයෙකුගෙන් අවසර අරගෙන. පළිගැනීමේ සීමාවක් නෑ.