(විමුක්ති එස් රුද්‍රිගු)
රන්ජන් රාමනායක මහතා අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කල බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
රන්ජන් රාමනායක මහතා දීර්ඝ කාලයක් දඬුවම් විඳ තිබීම,යහපත් කල් ක්‍රියාවෙන් සිටීම සහ සමාජයට දායකත්වයක් ලබාදීමට හැකි වීම හේතුවෙන් ජනාධිපති සමාව දීම සාධාරණ යැයි රජය විශ්වාස කරන බව ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සඳහා නීතිපති උපදෙස් සහ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වාර්තාව ලබාගත් බවත් සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව කොන්දේසියක් යටතේ සමාව දීම සුදුසු බව නිර්දේශ කල බවත් ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් විඳීම හේතුවෙන් අධිකරණය අවතක්සේරු නොවන ආකාරයට ජනාධිපති සමාව ලබා දිය යුතු බව විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය පිළිබඳ තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා බව ඔහු පැවසුවේය.
COMMENTS
දුමින්ද කෝ දැන්?
මිනීමැරුම් චෝදනා තිබුණු දුමින්ද එළියට එනකොට ඔය කතා මොකුත් නෑ.
රටම හොරාකාලා ජනතාව මහ පාරට ඇදලාදාපු දුෂිත දේසපාලුවන්ට, සුදු වෑන් ඝාතන අතුරුදන් කරවපු උන්ට, මිනිමරුවන්ට ස්ත්‍ර්‍ර්‍ර්‍රි දූෂකයන්ට, කුඩු ජාවාරම්කාරයෝ රැකපු උන්ට මෙකී, නොකී දූෂිත දේශපාලුවන්ට ඔය නීතී කිසිවක් වලංගු නැහැ.
ඇත්ත ඇති සැටියෙන්ම විග්‍රහ කරලා හිරෙන් නිදහස් වෙන්න විතරක් බොරුවට දෙකට නැමෙන්න ඕනි නැහැ. මුළු ලෝකයම දන්නව ලංකාවේ බොරුව දූෂණය රජකරනවා කියලා.
විජේදාසත් රංජන්ගේ සේවය ලබාගත්තු කෙනෙක් වගේ. මේ හේතුව මත ඔබට අපේ ඡන්දය ලැබෙන්නේ නැත. ඡන්දය සඳහා වෙන ප්‍රදේශයක් සොයාගන්න. හිරේ ඉන්න කුඩු කාරයෝත් නිදහස් කර යවන්න.
රන්ජන්ගේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න උසාවියක් ඉස්සරහ රස්තියාදු වෙන මිනිස්සු එක්ක විනාඩි 10ක් කතා කරන්න.