(ඉන්දිකා රාමනායක)
ටී 56 ගිනි අවි තුනක් හා මැගසින් 7 ක් සමඟ ගම්පහ නගරයේ දී සුභෝපභෝගී මෝටර් රථයක් අතහැර යාමේ සිද්ධියේ එම මෝටර් රථය පැදවු බව කියන රියදුරු අද (8) ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ මහල් නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරු ඔහුගේ බිරිඳ සමඟ ග‍්‍රෑන්ඩ්පාස් සිරිමුතු උයන මහල් නිවසක සැඟව සිටින බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුක් මත අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රබලයකු ඝාතන කිරීම සඳහා ඉකුත් මස 7 වැනි දින ටී 56 ගිනි අවි තුනක් හා මැගසින් 7 ක් රැගෙන මෝටර් රථයෙන් යමින් සිටියදී ගම්පහ නගරයේ දී මොවුන් පොලිසියට කොටුවීමට ගිය අවස්ථාවේ ගිනි අවි සහ මැගසින් සමඟ මෝටර් රථය ද අතහැර පළා ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට