ටී.කේ.ජී.කපිල
රුපියල් හාර කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (05) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි .
මෙහු සිංගප්පූරුව බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ස්කෑන් පරීක්ෂණ වලදී මෙම විදේශ මුදල් තොගය අනාවරණය කරගෙන රේගුව වෙත භාර දී තිබුණි .
මෙම විදේශ මුදල් තොගය මෙම පුද්ගලයා විසින් රැගෙන ආ ගමන් මලු 03 ක ව්‍යාජ පතුල් වලත් ඔහු විසින් අතේ රැගෙන ආ ලිපි ගොනු කවරයක රුපියල් හාර කෝටි හැත්තෑ තුන් ලක්ෂ අසූ නව දහස් හාරසිය හතරයි ශත හැට තුනක් (4,73,89,404.63) වටිනා විදේශ මුදල් තොගය සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය
මෙම විදේශ මුදල් අතර සෞදි රියාල් ,ඕමාන් රියාල් , ස්විස් ෆ්‍රෑන්ක් , ඩෙන්මාර්ක් ක්‍රෝනර් , නෝර්වේ ක්‍රෝනර් , ජපාන යෙන් , හොංකොං ඩොලර්, යූරෝ සහ ඇමෙරිකානු ඩොලර් ඇති බව රේගුව ප්‍රකාශ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැදුම්කර හොරකමේ මුදල් වෙන්නත් පුළුවන් !
ඔය මුදලෙන් පුළුවන් නේද අර මිනියක් කරේ තියාගෙන වැවක් තරණය කරන ගමේ පාලම හදන්න ..
අල්ලගන්න සල්ලි සහ රත්තරන් වලට මොනවද කරන්නේ?
අර්ජුණ මහේන්ද්රන්ගේ ඥාතියෙක්ද දන්නේ නැහැ ?
මෙතන ඉන්න කට්ටිය කෙල හලනවා ඇති. හීනෙනුත් මේ සල්ලි පෙනෙනවා ඇති