වගාහ්හිදීය, ඉන්දියාව (ඒ.එෆ්.පී)
පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් පැය කිහිපයක ප්‍රමාදයකින් පසුව අද (1) රාත්‍රී 9.30ට පමණ පමණ නැවත ඉන්දියාවට පැමිණියේය.
සාමයට අත දිගු කිරීමක් ලෙසින් ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දෙන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුව අමතමින් පෙරේදා (28) පැවැසීය.
ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දෙන ලද්දේ ඒ අනුවය. කෙසේ නමුත් වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් දේශසීමාව පසු කරමින් ඉන්දියාවට පැමිණියේ අපේක්ෂා කළ වේලාවට පැය කිහිපයකට පසුවය.
පාකිස්තාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් හමුදාවේ නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් අද (1) පස්වරුවේ ඉන්දීය බලධාරීන් වෙත බාර දෙන බව පාකිස්තාන විදේශ අමාත්‍ය ෂහ් මහ්මූද් කුරේෂි එරට පාර්ලිමේන්තුව අමතමින් අද (1) පෙරවරුවේ පැවැසීය.
කෙසේ නමුත් රාත්‍රී 8 පසුවන තුරුත් ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දීය බලධාරීන් වෙත බාර දී නොතිබිණි. වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දීමට නියමිතව තිබුණේ පාකිස්තානයේ ලාහෝර් නගරයට නැගෙනහිරින් පිහිටි වගාහ් දේශසීමාවේදී ය. එය වාර්තා කිරීමට දෙරටේම මාධ්‍යවේදීන් පැමිණ සිටි දෙරටේම විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ. ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දීම ප්‍රමාද වීමත් සමඟ එහි පැමිණ සිටි ජනතාව කෙමෙන් කෙමෙන් අඩුවිය.
මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් දෙරටේම බලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි. පසුගිය 26 වැනිදා ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තාන දේශසීමා උල්ලංඝණය කරමින්, පාකිස්තානයට පැමිණ පාකිස්තානයේ බලාකෝත් ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයට එකට එක කිරීමක් ලෙස පාකිස්තාන ගුවන් හමුදාව පෙබරවාරි 27 වැනිදා ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා කිහිපයකට ප්‍රහාර එල්ල කළේය.
ඉන්දු පාකිස්තාන දේශසීමාවේදී ඉන්දියාව දෙසින් පියාසර කරන්න වූ ඉන්දීය ප්‍රහාරක යානා දෙකකට පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පහර දුන්නේය. උඩු ගුවනේ ගුවන් යානා එකිනෙක වෙඩි හුවමාරු කර ගනිද්දී, එක් ඉන්දීය ප්‍රහාරක යානයක් පාකිස්තානයට කඩා වැටුණි. පාකිස්තාන හමුදා අත්අඩංගුවට පත් වූයේ එම ප්‍රහාරක යානයේ නියමුවා වූ අභිනන්දන් වර්තාමන් ය. අභිනන්දන් වසර 16 ක පළපුරුද්දක් ඇති ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක නියමුවකු යැයි ද ඔහු දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර වැසියකු යැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඉන්දීය ප්‍රහාරක යානා නියමුවන් දෙදෙනකු තම අත්අඩංගුවේ පසුවන බව පාකිස්තාන යානා ඉන්දීය ප්‍රහාරක යානාවලට පහර දුන් අවස්ථාවේදී පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ඝෆූර් ප්‍රකාශ කළේය. ගුවන් නියමුවන් දෙදෙනාම යහතින් පසුවන බව පැවැසුවත් ප්‍රසිද්ධියට පත්වූයේ භිනන්දන්ගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් පමණි. උඩු ගුවනේ සිදු වූ ගැටුමේ දී ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්තාන ප්‍රහාරක යානයක් ද කඩා වැටුණු බව ඉන්දියාව ප්‍රකාශ කළත් පාකිස්තානය එය ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
055
2025 දෙසැම්බර් මස 18
619
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් හමුදා නියමුවා ඉන්දියාවට පැමිණෙයි
Laksitha paris Friday, 01 March 2019 07:43 PM
මම පාකිස්තාන්...
Amila Saturday, 02 March 2019 02:32 AM
ඉන්දියාවට සිදුවූ වසම ලැජ්ජාව.
anura Saturday, 02 March 2019 09:29 AM
අපිට පරිප්පු දැම්මා වගේ පාකිස්ථානයට බෝම්බ දාන්න ගිහින් අවුල් වගේ..
Sama Saturday, 02 March 2019 09:30 AM
මෝදි පරාද වුණා...
pakisthan Saturday, 02 March 2019 09:30 AM
පිට පරිප්පු අවශ්‍ය නැත... පරිප්පු දැමීම සපුරා තහනම්
smn Saturday, 02 March 2019 02:02 PM
මේ නිසා ඊළඟ මහමැතිවරණයේ දී මෝදිට අත් වෙන්නේ අන්ත පරාජයක්.
පිටිගල මිලානෝ Saturday, 02 March 2019 02:30 PM
අපිට දාපු පරිප්පු ඉන්දියාව දැන් අනාගෙන කනවා.
Mahee Sunday, 03 March 2019 01:46 AM
මේ ගුවන් නියමුවා ඉතාම වටිනා කතාවක් කරනවා. ඉන්දීය මාධ්‍ය විසින් ඉතා කුඩා දෙයක් මහා ඉහලින් උලුප්පා දක්වල සත්‍යය විකෘති කළා කියලා. පකිස්තාන හමුදා තමන්ට විශිෂ්ට ආකාරයෙන් සැලකු බවත් ඔහු කියනවා. සත්‍යය විකෘති කිරීමෙන් රටවල් ගිනිතියන්න මාධ්‍යවටලට පුළුවන් බව නොවේද ඒ කියවෙන්නේ? ඉන්දියානු මාධ්‍ය හරි කැමතිවෙයි පකිස්තාන හමුදා තමන්ට වද දුන්න කියලා ඔහු කිව්වා නම්. නමුත් සත්‍යය නිර්භයව කියා සිටි ගුවන් නියමු අභිනන්දන් වර්තමාන්ට මගේ උපහාරය!