“නැවත අරඹමු මහමග විනය” යනුවෙන් යළි ක්‍රියාත්මක වූ මංතීරු නීතිය පළමු දිනයේදී දැඩි වාහන තදබදයකට හේතු වී තිබිණි. මෙකී නීතිය පිළිබඳව තමන් දැනුම්වත්ව නොසිටි බව බොහොමයක් රියැදුරන් ප්‍රකාශ කළ අතර මංතීරු නීතිය හේතුවෙන් තමන්ට පැය ගණන් මහාමාර්ගවල රස්තියාදු වීමට සිදුවූ බවට ද ඔවුහු චෝදනා කළහ. ඒ අතර මංතීරු නීතිය පිළිබඳ දින තුනක් තිස්සේ රියැදුරන් දැනුම්වත් කරන බව පවසන පොලිසියේ රථවාහන අංශය ඉන් අනතුරුව මංතීරු නීතිය කඩකරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වුව ද මුල් දිනයේ ඇතිවූ අඩුපාඩු හදාගෙන දෙවැනි දිනයේදී මංතීරු වැඩපිළිවෙළ සාර්ථක කරගත් බව රථවාහන පොලිසිය පවසයි.
මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කෙරුණේ උදය වරුවේ දැඩිව පවතින මහාමාර්ගවල රථවාහන තදබදය මගහැරැවීමේ පියවරක් වශයෙනි. කොරෝනා වසංගතයේ අනතුර තවම එලෙසම පැවැතිය ද වයිරස ව්‍යාප්තිය පාලනය කරගැනීමට සමත් වීම හේතුවෙන් රට යථා තත්ත්වයට පත්වෙමින් තිබීම මේ තදබදය යළි ඇතිවීමට හේතු විය. විශේෂයෙන් පාසල් පද්ධතිය ද යළි සක්‍රිය වීම තදබදය කලින් තිබූ තත්ත්වයටම ඔසවා තිබේ. මේ නිසා උදය වරුවේ සෑම මාර්ගයකම පාහේ දැඩි වාහන තදබදයක් දැකිය හැකිය.
අධික වාහන තදබදයක් ඇතිවීම ප්‍රමාණවත් තරමට මහාමාර්ග පද්ධතිය පුළුල් නොවීමේ අනිවාර්යය ප්‍රතිඵලයයි. මාර්ග පුළුල් කිරීම ලහිලහියේ කළ හැක්කක් නොවේ. ඒ සඳහා කාලයක් ගතවෙයි. ඒ වනතුරු දැනට පවතින මාර්ග තදබදය අඩුකිරීමට සැලැසුම් හැදීම බලධාරීන්ගේ වගකීමය. මෙහිදී මාර්ග තදබදයක් ඇතිවීමේ සම්පූර්ණ වගකීම බලධාරී පිට මත පමණක් පැටවිය නොහැකි බව ද පෙන්වා දිය යුතු වෙයි. මාර්ග නීති අමු අමුවේ උල්ලංඝනය කරන රියැදුරෝ මේ තත්ත්වයට විශාල ප්‍රමාණයකින් දායක වෙති. ප්‍රයිවෙට් බස්, ත්‍රිරෝද සහ කුඩා ලොරි රියැදුරන් සහ තරමක් දුරට මෝටර් සයිකල් පදවන්නෝ ද මාර්ග නීති අමු අමුවේ කඩා බිඳ දමති. ඇතැම් තැනක විශාල මාර්ග තදබදයක් ඇතිවීමට නීතිගරුක නොවන එවැනි එක් රියැදුරකු සිටීම පමණක් ප්‍රමාණවත්ය.
“නැවත අරඹමු මහමග විනය” යන හේතු පාඨය වැදගත් වන්නේ මෙතැනදීය. විනය නොතකන ප්‍රයිවෙට් බස් රියැදුරන්ට මගීන් ගැනීමට බස් නැවැතුම්පොළක් අවශ්‍ය නැත. බස් රියට ගොඩවීමට සිටින මගියකු දකින විට රියැදුරුට බ්‍රේක් පෑගෙයි. බස් රිය නවතී. ඊට පිටුපසින් එන සියලු වාහන ද ඒ සමඟ නතර වෙයි. උදේ වරුවේ දැඩි තදබදයක් පවතින අවස්ථාවල එසේ නවතින වාහන සංඛ්‍යාව විනාඩියකට 100කට ආසන්නය. මෙවැනි විනාඩි කොතරම් ප්‍රමාණයක් බස් රථ හේතුවෙන් අපතේ යනවා දැයි දන්නේ ඒ අවස්ථාවේ මාර්ගවල සෙසු වාහනවල සිටින රියැදුරන් පමණි. පොලිසිය නැති තැන මෙවැනි වැරැදි කරන රියැදුරන් අල්ලා ගැනීමට තාක්ෂණය යොදවා ගැනීම ද වරදක් නැතැයි අපි සිතමු. සී.සී.ටී.වී. කැමරා පද්ධති පමණක් නොව ඩ්‍රෝන යානා ද මෙහිදී යොදාගත හැකිය. මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කිරීමේදී එම තාක්ෂණය යොදවාගන්නා බව සඳහන් වෙයි. අප කියන්නේ මංතීරු නීතිය ක්‍රියාත්මක නොවුණ ද වැරැදි කරන රියැදුරන් අල්ලා ගැනීමට තාක්ෂණය භාවිත කිරීම අනිවාර්යය කළ යුතු බවය. වැරැදි අඩු වුවොත් මාර්ග තදබදය යම් පමණකින් හෝ ලිහිල් කරගැනීමට එයම හේතුවනු ඇත.
විනය නොමැතිව කිසිදු සේවාවක කාර්යක්ෂම බව සහ ඵලදායීතාව රැකෙන්නේ නැත. බස්, ත්‍රිරෝද, කුඩා ලොරි රියැදුරන්ට විනය විරෝධී ලෙස හිතුමතේ ධාවනයට ඉඩ දී තිබුණොත් මාර්ග තදබදය අඩු කරගැනීමේ අදහස ඉවත් කරගැනීමට සිදුවනු ඇත. විනයගරුක නොවන ආකාරයට තම රිය හසුරුවන රියැදුරන් රටටම සිදු කරන්නේ බරපතළ හානියකි. අවසානයේ එම ගැටලුව නිරාකරණය කරදීම සඳහා මංතීරු නීතිය වැනි තදබල මාර්ග නීති පැනවීමට ක්‍රියා කරන විට එයට එරෙහි වන්නෝ ද එම රියැදුරෝමය. තමන් අතින් විනය රැකෙන්නේ නම් මහාමාර්ගවල තදබදය යම් ප්‍රතිශතයකින් අඩු කරගැනීම අපහසු නොවන බව රියැදුරන් තේරුම්ගත යුතුය.
රථවාහන පොලිසිය මගින් මීට පෙර අවස්ථාවලදී ද තාක්ෂණය භාවිත කරමින් විනය විරෝධී ලෙස රිය පදවන රියැදුරන් කොටු කරගැනීමේ වැඩපිළිවෙළ කිහිපයක්ම ක්‍රියාත්මක කළේය. එහෙත් ඒවා දිගටම පවත්වාගෙන ගොස් ඒවා වැඩිදියුණු කරගත් බවක් දැනගන්නට නැත. මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ කොළඹ ප්‍රධාන මංසන්ධිවල පිහිටා ඇති ආලෝක සංඥා පද්ධති ආශ්‍රිතව සී.සී.ටී.වී. කැමරා සවි කිරීමය. එම කැමරා හරහා ලබාගන්නා රූපරාමු මගින් නීති කඩන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම එයින් අරමුණු කරගෙන තිබිණි. එහෙත් එවැනි වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. මෙරට රියැදුරෝ රථවාහන පොලිසියේ නිලධාරියකු දකින්නට නොසිටීම තමන්ට මාර්ග නීති කැඩීමට ලැබෙන “වරප්‍රසාදයක්” හැටියට සලකති. රියැදුරන්ගේ එම මානසික තත්ත්වය වෙනස් නොකළොත් මාර්ග නීති කැඩීමෙන් ඔවුන් වළක්වා ගැනීම අසීරු වනු ඇත.
(***)
ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක හැපී 207 දෙනකු මියගොස් ඇති බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ
ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී සිටී.
ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ආධාර මුදලක් ඉල්ලීමට තිබූ අවසන් තත්පරයේ දී අදාළ ලේඛන ඉදිරිපත් කොට ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කර ගැනීමට හැකිව
රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත
ඓතිහාසික මිහින්තලා පුදබිම විදුලි ආලෝකයේ ඒකා ලෝව විය. පොසොන් පොහොය නිමිති කොට අද සිට දින පහක් පුරා මෙම අලෝක පූජව ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු ය
සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී අද (2) ආරම්භ
මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා
ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්
කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ
මාර්ග තදබදය වැළැක්වීමට තාක්ෂණය යොදවාගමු
sam Thursday, 17 September 2020 06:18 AM
දැන් කාර් හැම මංතීරුවකම යනවා.
sachith Thursday, 17 September 2020 06:28 AM
මේක නරකම නැහැ. මොකද මේකේ අලුතෙන් නීතියක් දාන්නේ නැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 17 September 2020 10:00 AM
ඉතාමත් හොඳ අගය කළයුතු වැඩපිළිවෙළක්. පාරේ සෑමතැනම හුටු හුටු ගගා අස්සක් මුල්ලක් නෑර කිසිඳු මාර්ග නීතියක් පිළිපදින්නේ නැති ව ඉබාගාතේ යන ත්‍රිරෝද රථ නිසා මාර්ග තදබදය ඇති නොවුණහොත් තමයි පුදුමය කියන්නේ... මේ විනාශකාරී වාහනය පාලනය කළ යුතුමයි. ඇතුලට ලයිට් එකක් දැමිය යුතුමයි. මීටරයක් සවිකළ යුතුමයි. ඒත් කරුමය කියන්නේ ඒවා කිරීමට බලධාරීන් පැකිලෙන්නේ ඇයි ද යන්නයි. මෙය මේ රටේ අහිංසක මිනිසුන් ගසා කන මොවුන්ට බලධාරීන් ලයිසන් දීලා වගේ පේන්නේ. බොහෝ බස් රියදුරන් ද එසේමයි. කිසිඳු විනයක් නැහැ. පාර හසුරුවන්නේ පාර එයාගේ බාප්පාගේ කියලා හිතාගෙන.... මොවුන්ට විරුද්ධව නිසි පියවර ගත යුතුමයි.
de silva Thursday, 17 September 2020 10:32 AM
කොළඹ වාහන තදබදය අඩු කරන්න නම් අධිවේගී මාර්ගවල තිබෙන ප්‍රමිතියේ ගුවන් පාලම් 5වත් වසරකට ඉදිකරන්න ඕනේ... මෙම ප්‍රතිපත්තියම තීරණය දිගින් දිගටම ඉදිරි වසර 10 තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ... නුගේගොඩ තිබෙන ආකාරයේ ප්‍රමිතියෙන් අඩු පටු ගුවන් පාලම් ප්‍රශ්නයට විසඳුම් නොවේ. මන්තීරු නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ නිසි පාලනයක් ඇති මාර්ග සහ ගුවන් පාලම් වැනි අත්‍යාවශ්‍ය සාධක ඇතිවටදීය.
asanka Thursday, 17 September 2020 11:58 AM
පසුගිය වසර 10 තුළ රටේ වාහන ප්‍රමාණය සිය ගුණයකින් ඉහළ ගියත්, රටේ මාර්ග පද්ධතියේ විශාල වර්ධනයක් ඇතිවී නැහැ. ඊට හේතුව නම් රටේ ඇති දුප්පත්කමයි. අලුතින් මාර්ග තැනීම ඉතා වියදම් අධික කාර්යයක් වන අතර, අඩු බදු ආදායමක් ඇති ලංකාව වැනි රටකට එවැනි දේ කිරීම අපහසු කරුණකි. එසේ නම්, සිදුවිය යුත්තේ රියදුරන් වගකීමක් සහ විනයක් ඇතිව, දැනට තිබෙන මාර්ග පද්ධතිය භාවිතා කිරීමයි. අවාසනාවකට අද බොහෝ රියදුරන් මාර්ගය භාවිතා කිරීමේදී ආත්මාර්ථකාමී වන බැවින්, ඔවුන්ගේ විනය ඇති කළ හැක්කේ දඩ ගැසීමෙන් පමණි.
janahithaFriday, 18 September 2020 09:45 AM
වංචා කරනලද දේපළවලින් මෙවැනි නගර දෙකක ෆ්ලයි ඕවර යොදා නවීකරණය කළ හැකිව තිබුණු වැට් වංචාව සහ හිටපු ඇමැතිවරුන්ගේ විදෙස් ගිණුම උදාහරණයක්...
NANJU Friday, 18 September 2020 11:04 AM
ප්‍රධාන මංසන්ධි වලට බුද්ධිමත් පොලිස් නිලධාරින් යොදවන්න.