අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩු පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) සවස 6ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
කොරෝනා වයිරසයෙත් සමඟ ඇතිව තිබෙන වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා ඇතැයි වාර්තා වේ.
COMMENTS
හිටපු මැති ඇමැතිවරුන් අමතක කර දමන්න බැරිද?
මේ වෙලාවේ හදිස්සි අවස්ථාවල් නිසා පාර්ලිමෙන්තුවම කැදෙව්වා නම් නරකද?
අපි හිරවෙලා තියෙන එකම තැන තමයි කොරෝනා හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණය අවශ්‍ය තරමට කරගන්න බැරිවීම. ඇමරිකාව ලක්ෂ 19 ක් කරනකොට අපි කරල තියෙන්නෙ 4000 විතරයි.
නැහැ... කට්ටියට කතා කරලා ආපහු චන්දෙට හිත් හැදෙන විදිහට කතා කරපල්ලා... පාක්ෂිකයින්ට හරියට බඩුමලුටික දීපල්ලා.
මේ රැස්වීම එක්සත්වී සතුරාව පරාජය කරන හැටි වන්නේ ඕනෙ.
හපොයි හපොයි !! ඔය කට්ටිය ගෙදර හිටපු හින්දා විද්වතුන්ට කොරෝනා- කොවිඩ් 19 තම පාලනයට නතකරගන්න ලැබුනා. ටිකක් දුක්විඳලා හරි ලෝකයේ අඩුම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවකින් මේ ආසාදනයෙන් මෙරට ගොඩගැනීමට හැකිවේවි. හැමදාම ගෙදරටම වෙලා හිටියානම් දෙයියනේ කියලා මේ රටට හිතැති විද්වතුන්ට රට ගොඩගැනීමේ කාර්යයත් කරගන්න පුලුවන්වෙයි.
අපරාදෙ මහජන ධනය විනාශ කරනවා... මෙගොල්ලෝ එක්වෙලා මොන කෙංගෙඩියක් කරන්නද?
අද දින දියවන්නාව මේ හැතිකරය නඩත්තුවට අද දවසේ ගතමනාව ඔබටමෙන් අපටද වියදම් කිරීමට සිදුවෙනවා නොවේද ?