IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


හකීම් තමන්ගේ වෙලාව එනතුරු බලාසිටී

(මොහොමඩ්  ආසික්)
ජනාධිපතිවරණය සඳහා  ප්‍රධාන දේශපාලන පක්ෂ සිය  අපේක්ෂකයින් නම් කිරීමෙන්  පසුව එම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය කිරීමේ ශක්තිය, සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන සලකා  බැලීමෙන් අනතුරුව තම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ජල සම්පත් ජලාපවාහන සහ  නාගරික සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා කිය.
 
අද 04 වැනිදා  සවස  මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදී  අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
 
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙසේද කීය.
 
‘එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයා යුතුයි කියන මතයේ සිටියත් ජනාධිපතිවරණය කියන්නේ පුද්ගලිකව නායකයෙක් තෝරා පත් කර ගැනීමේ මැතිවරණයක්. එහෙම වුනහම ඒ අපේක්ෂකයා පිළිබව ඒ අපේක්ෂකයාගේ ආකල්ප පිළිබඳව අපේක්ෂකායගේ දර්ශන පිළිබඳව අපි දැන ගත යුතුයි.
 
ඒ නිසා අපේක්ෂකයා ඉක්මනින් එළි දැක්වීම ඉතා අවශ්‍ය කාරණයක් ලෙස අප දකිනවා. ඒ පිළිබඳ තීරණය ඉතා ඉක්මනින් ලැබෙයි කියා අපි බලාපොරොත්තු  වෙනවා.
 
මුස්ලිම් අපේක්ෂකයෙකු වෙනමම ඉදිරිපත් කිරීම සඳහා පවතින ඉඩකඩ ඉතාම අඩු බව ප්‍රකාශ කළ  අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේ ප්‍රධාන පක්ෂ දෙක ගන්නා තීරණ මත එය රඳා පවතින බවයි. සුළු ජාතින වශයෙන් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින්ගේ  ප්‍රතිපත්ති සහ ජයග්‍රහණය කිරීමේ ශක්තීන් පිළිබඳව අප දැන ගත යුතුයි. ඒවගේම ජාත්‍යන්තර වශයෙන් ලබා  ගත හැකි  සහයෝගය, රටේ ආර්ථිකය ගොඩ නැගීමේ හැකියාව, රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනිමේ හැකියාව  ඇතුළු සියල්ල සැලකිය යුතු වෙනවා කෙටියෙන්ම කිවහොත් මුළු රටේම සංකේතයක් ලෙස මේ රටේ ජනාධිපති ධූරය ජාත්‍යන්තර වශයෙන් වැදගත් වෙනවා. ඒ නිසා සාමාන්‍ය මැතිවරණයකට යොමු කරන අවධානයට වඩා වැඩි අවධානයක් ජනාධිපතිවරණ අපේක්ෂකයා කෙරෙහි යොමුකළ  යුතුයි.‘ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.



අදහස් (13)

හකීම් තමන්ගේ වෙලාව එනතුරු බලාසිටී

purawasiyaa Sunday, 04 August 2019 03:11 PM

ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයින් නම් කිරීමෙන් පසුව එම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය කිරීමේ ශක්තිය, සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන සලකා බැලීමෙන් අනතුරුව තම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා පිළිබඳව තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ජල සම්පත් ජලාපවාහන සහ නාගරික සංවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා කියා තිබේ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරන පුදගලයන්ට "criminal records" ඇත්නම් සහ පදිංචිය, අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමට නොහැකි පුද්ගලයන් ඉදිරිපත් වුවහොත් පුද්ගලයා නොව රටේ අනාගතය උදෙසා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඔබේ තේරීම කුමක්ද? නොඑසේනම් උගත් බුද්ධිමත් අලුත් මුහුණක්" අපේක්ෂකයකු, අපේක්ෂිකාවක " වශයෙන් ඉදිරිපත් කිරීමට සියලු පක්ෂ නායකයන් සමග සාකච්ඡා කොට එකඟ වන්නේද? රට අලුත් දිශාවකට යොමුකිරීමට නම් රටක ප්‍රධානතම, ඉහළම තනතුර සදහා ඉදිරි ජනාධිපතිවරණදී ජනාධිපතිවරයා වන පුද්ගලයාට තිබිය යුතු මූලික සුදුසුකම් සහ ඔහුගේ පැටිකිරිය සොයා නොබලන්නේ නම් රටේ අනෙක් තනතුරු සඳහත් මෙවැනි පිළිවෙත් අනුගනමනය කරන්නේද?...

:       1       80

මුස්ලිම් මල්ලී Sunday, 04 August 2019 04:35 PM

ඔබ හරි. ක්‍රිමිනල් රෙකෝර්ඩ්ස් බැලුවොත් ප්‍රාදේශීය සභාවකටවත් සාමාජිකයන් තෝරගන්න බැරිවෙයි. එ් වගේම තමයි, පොලීසියේ අයගේ ක්‍රිමිනල් ෆේවරිසම් බැලුවොත්..

:       0       148

Prabha Sunday, 04 August 2019 03:47 PM

හැමෝම කළේ ඕකනේ.. වාසි තැනට හෝයියා.

:       0       6

Raveendra Sunday, 04 August 2019 03:57 PM

හිවලුන්, නරින්, හයිනා වැනි සතුන් තම වාරය එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ කෙසේද? ඒ හා සමානව මෙම කකුල්දෙකේ තිරිසනුන්ද බලා සිටින බව නම් හොඳින් පැහැදිලිය. මෙම නිවටයන් සියල්ලන්ම ප්‍රේමදාස ගොයියාගේ බලලෝභී මැද කොළඹ ඡන්ද ගොඩ දෙස බලා ගත් අධම තීරණ නිසා කේවල් කරමින් සිටිනවා නොවේද? එමගින් මුළු රටක් දවසින්, දවස අගාධය කරා යනවා නොවේද?

:       24       940

Bandara Sunday, 04 August 2019 11:27 PM

වෙලාව එනතුරු බලා සිට කුට්ටිය දාගෙන ඇති...

:       0       1

මුණසිංහ Monday, 05 August 2019 01:08 AM

මේ වගේ අයට තමා අවස්ථාවාදීන් කියන්නේ. හිතන්නේ රට ගැන නෙමෙයි. තමන් ගැන. ජාති භේදයකින් තොරව ඡන්ද කාලෙට මතුවන මෙවුන් දේශපාලනයෙන් පන්නා දැමිය යුතුයි. ස්ථිර ප්‍රතිපත්තියක් නැති මුදල් පස්සේ හඹායන අය පන්නා දැමීම මෙවර මැතිවරණයේදීවත් පටන් ගමු!

:       0       69

lalithm Monday, 05 August 2019 03:21 AM

මැදකොළඹ වේවා මැදමුලන වේවා දෙපොලම බලුපොර බල අරගලයේ තමා ඉන්නේ. හැබැයි ඇමෙරිකානුවෙකුට වඩා හොඳ ලාංකිකයෙක් අපිට හොයා ගන්න බැරී නැහැ.

:       8       81

sharm warn Monday, 05 August 2019 03:33 AM

සාමාන්‍ය ජනතාවෙනි , පුළුවන් නම් මොලේ පාවිච්චි කරලා ප්‍රධාන පක්ෂ වලින් එන අය ආපහු පත් කරගන්නේ නැතුව කිසිම පක්ෂයකට නැති කෙනෙක් ව තෝරාගන්න.

:       7       120

rama Monday, 05 August 2019 03:39 AM

ඒවගේම ජාත්‍යන්තර වශයෙන් ලබා ගත හැකි සහයෝගය, රටේ ආර්ථිකය ගොඩ නැගීමේ හැකියාව, රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනිමේ හැකියාව ඇතුළු සියල්ල සැලකිය යුතු වෙනවා රට වෙනුවෙන් වැඩ කරන්න මිනිස්සු අනේ මගේ කට?

:       0       36

mohamed Monday, 05 August 2019 07:05 AM

අන්තවාදී නොවෙන සිංහල ජනාධිපති කෙනෙක් රටට ඕනෑ. උගතෙක් වෙන්න ඕනෑ. අන්තවාදී නොවෙන හාමුදුරුවරු ඔහුට උදව් කරන්න ඕනෑ. රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ සිංහල ජාතියෙක් ජනාධිපති වෙන්න ඕනෑ. රාජපක්ෂලගේ, මෛත්‍රිපාලලගේ, සජිත්ලාවගේ මිනිහෙක් නැතුව රනිල් හෝ කරු එනවා නම් ගොඩක් වටිනවා. අනුර කුමරාත් නරකම නැත.

:       1       0

sharm warnMonday, 05 August 2019 11:09 AM

සිංහල මිනිස්සු බහුතරය අන්තවාදීන් නොවේ. ඒ නිසා තමයි අනිකුත් සකල ජාතින්ම ඇවිල්ලා මේ රටේ පැලපදියම් වෙලා මදිවට අයිතියක් පෙන්වන්න හදන්නේ... අන්තවාදීන් කවුද කියලා දැන් මුළුරටම දන්නවා. ලංකාවේ කවදාවත් අන්තවාදී ජනාධිපති කෙනෙක් හිටියේ නැහැ. තමන්ගේ වැරදි හදාගන්නේ නැතුව අනුන්ට ලේබල් ගහනකොට අපිට නම් හරි හිනා...

:       0       0

සේන Monday, 05 August 2019 07:36 AM

මෙයා දිය ටික බොර වෙනකම් ඉන්නවා මාළු ටික බාගන්න...

:       0       1

Bamunuarachchi Monday, 05 August 2019 01:29 PM

සහරාන් එහෙ බලාගෙන ඉන්නවා මෙයා එනකම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 169 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1024 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site