(අංජුල මහික වීරරත්න)
ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව හෙට(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය හමුවකදී අද(06) පැවැසීය.
ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ අමාත්‍ය සංඛ්‍යාව වැඩිකර ගන්නට යැයි විවිධ පාර්ශ්ව වැරදි අර්ථකථන ලබාදෙමින් සිටින බව කී මන්ත්‍රීවරයා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ රජයේ එකම අරමුණ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගැනීම බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පක්ෂ එක්ව පිහිටුවීමට යන ජාතික ආණ්ඩුව සඳහා සහය දැක්වීමට දැනටමත් ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම එක්වී සිටින අතර තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව කීය.
ජාතික ආණ්ඩුවක් යටතේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍යධුර දෙන්නට සිදුවන හෙයින් අමාත්‍යධුර ගණන වැඩි කරන්නට සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජාතික රජයක් පිහිටුවන්නට නීතියෙන් අවකාශ තිබේදැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීවේ එක්සත් ජාතික පෙරමුණ කටයුතු කරන්නේ ඉතා හොඳ නීති විශාරදයින්ගේ උපදෙස් මත බවයි.
පිටකෝට්ටේ සිරිකොත පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් එකතුවුණයි කියලා ජාතික ආණ්ඩුවක් බවට පත්වෙනවද? ජ්‍යෙෂ්ඨයින්ට අමාත්‍යධුර දෙනවා නං, ඔය පක්ෂයේ ඉන්න වයස් ගත අයට තමයි දෙන්න වෙන්නේ....
ජයවේවා.. 2050 වන තුරු යූ.එන්.පී ආණ්ඩුවක් තමයි ලංකාවට ඕනෑ. ඒ රට හදන්න...පසුගිය දින 50න් විනාශ කරපු රට ගොඩදාන්න..
ආණ්ඩුව අස්ථාවර නම් දාලා යන එකනේ තියෙන්නේ
ඔන්න මහින්දට බහුතරය පෙන්නලා ආන්ඩුව පරද්දන්න හොද අවස්ථාවක්.
ආණ්ඩුව අස්ථාවර මහජන චන්දෙකට ගිහිල්ලා ස්ථාවර වෙන්න. කාගේවත් කිසිම විරුද්දත්වයක් නැහැ. නැතුව එල්ලෙන්න වැල් නැතිව ඉන්න සුළු ජනවාර්ගිකයින් ඇඳා ගන්න එපා. ඔවුන් සුළු ජනවාර්ගිකයින් හැටියටම් තියන්න.