සිරංගිකා ලොකුකරවිට
ඉන්ෆ්ලුවන්සා රෝගය හේතුවෙන් මෙතෙක් මියගිය සංඛ්‍යාව පිළිබඳ තමන් සතුව ඇති නිවැරදි තොරතුරු මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ලැබෙන්නට නැතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (06) දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ දී දකුණු පළාත් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳ සාකච්ඡාවක් අතරතුර මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙම රැස්වීම සඳහා දකුණු පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් කැඳවා තිබිණි. එහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ දකුණු පළාතේ දරුවන් 15ක් හා වැඩිහිටි පුද්ගලයන් 5දෙනකු මෙම රෝග තත්ත්වය හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි.
නමුත් අද (06) කොළඹ දී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියා තිබුණේ දකුණේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මේ වනවිට දරුවන් 14 දෙනකු හා ඒක් වැඩිහිටියකු වශයෙන් මරණ 15ක් ඇතුළුව රෝගීන් 2510ක් වාර්තා වී ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද මෙම ප්‍රකාශය උපුටා දක්වමින් අමාත්‍යවරයා මරණ 15ක් සිදුවූ බව පවසද්දී සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මරණ 20ක් සිදුවූ බව පැවසීමේ පරස්පර දත්තවලට හේතුව අප විසින් විමසා සිටි අවස්ථාවේ දී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙසේ කීවේය.
''මියගිය වැඩිහිටියන් අතරින් ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මැරුණු බව තහවුරු වී තිබෙන්නේ දෙදෙනෙක් පමණයි. ඇමතිතුමාට මේ නිවැරදි තොරතුරු ලැබී නැතිව වෙන්න ඇති ඒවැනි ප්‍රකාශයක් කරන්නට ඇත්තේ. රෝහල්වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දැන් අඩුවී තිබෙන බව දිස්ත්‍රික් තුනේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු දැනුම් දුන්නා.
පාසල් ළමුන් කිසිම කෙනෙක් මියගිහින් නැහැ. රෝගය දැන් පාලනය වෙමින් තිබෙන නිසා පාසල් වැසීමේ අවශ්‍යතාවක් නැහැ. ඒවැනි නිර්දේශයක් දෙනවානම් එය ඉහළින් තීරණය කළ යුතුයි.
මියගිය දරුවන් සියලු දෙනාම අවුරුදු දෙකට වඩා අඩු දරුවන් ඒ අයගෙන් සියයට 85ක් ම වෙනත් සංජානනීය ආබාධ සහිත දරුවන්. "
වෛද්‍යවරු වැඩිදුරටත් ඒහි දී අවධාරණය කළේ මෙම රෝගය මාරාන්තික නොවන බවයි. මේ දිනවල පැතිරයන වෛරස් රෝගය හේතුවෙන් දුර්වල වී වෙනත් සංජනනීය ආබාධ තිබෙන දරුවන් සහ වැඩිහිටියන් මෙම රෝගයෙන් මිය යාමේ අවධානමක් ඇති බව ද ඔවුහු පවසති.
ඒබැවින් මේ පිළිබඳ අනවශ්‍ය භියක් ඇතිකර නොගත යුතු බව ද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
520
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමතිට නිවැරදි තොරතුරු ලැබී නැතැයි දකුණේ සෞඛ්‍ය ලොක්කා කියයි
lalithsjm Thursday, 07 June 2018 01:08 AM
ඔය ඇමතියා ගැන කතා කරලා වෙඩක් නැහැ.
ජගත් ලියනගේ Thursday, 07 June 2018 01:13 AM
ඔය ඇමැතිගෙ ඉතිහාසය හොයල බැලුව නං ඔය ප්‍රවෘත්තියට උත්තරය තියනවා . ඒ කියන්නේ කවදත් බොරු කියන එක්කෙනෙක් .