
(ඉන්දිකා රාමනායක)
ගංජා , දුම්කොළ සහ හුණු භාවිත කරමින් පාසල් සිසුන් ඉලක්ක කරගෙන ‘තුල්‘ නැමැති මත් දුම්කුඩු නිපදවා අලෙවි කරමින් සිටි අඹු සැමි යුවළක් කිරුළපන ප්‍රදේශයේ දී අද (11) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
සැකකරුවන් වසර 20 ක පමණ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය පාසල් සිසුන් ඉලක්ක කරගෙන අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පැවසීය.
මෙම මත්කුඩු රුපියල් 20 සිට 100 දක්වා ගණන් වලට සැකකරුවන් සිසුන්ට අලෙවි කර ඇති බවද පොලිසිය කියයි.
මෙම මත්ද්‍රව්‍ය භාවිතා කළ සිසුවෙකුගෙන් හෙළි වූ තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන්ගේ මෙම මත් දුම්කුඩු භාවිතයට පාසල් සිසුන් විශාල පිරිසක් ඇබ්බැහි වී ඇති බවත් හුණු මිශ්‍ර මෙම මත් දුම්කුඩු බොහෝ වෙලාවක් මුඛයේ තබාගෙන සිටීමෙන් සිසුන් මුඛ පිළිකාවට ගොදුරුවීමේ ඉඩකඩ වැඩි බවද පොලිසිය කියයි.
තරුණ දරුවන්ගේ මුඛයේ තුවාල තිබෙන්නේ නම් එවැනි දරුවන් සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානය යොමු කළ යුතු බවද පොලිසිය සඳහන් කරයි.
මෙම යුවළගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබූ දුම්කොළ , හුණු , ගංජා තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාසල් සිසුන්ට මත් දුම්කුඩු විකුණූ යුවළක් අත්අඩංගුවට
මුණසිංහ Saturday, 12 September 2020 02:10 AM
ලංකාව පුරාම මේ වසංගතය ක්‍රියාත්මක බවක් පේනවා. පාසල් අවට (ඇරෙන/වැහෙන වෙලාවටවත්) රහස් පොලිස් නිලධාරින් යෙදෙව්වොත් අල්ලන එක අමාරුවෙන එකක් නැහැ.
MaheshUK Sunday, 13 September 2020 08:14 AM
මේ අය නඩු අහන්නේ නැතිව එල්ලුම් ගස් යවන්න ඕනෑ..