(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමෙන් වළකින ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ඊයේ (27) අවවාද කළේය.
සම්මුතිවාදී රජයේ එකඟතාවන්ට බලපෑමක් ආකාරයෙන් ප‍්‍රකාශ නිකුත් නොකරන ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා එහිදී සිය මන්ත‍්‍රීවරුනට දැනුම් දුන්නේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුනට මෙසේ දැනුම් දුන්නේ එජාප මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.
ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්විණි. තමන් ඉන්දියාවේ සංචාරය කරන අතරතුරදී එජාප මන්ත‍්‍රීවරුන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පිළිබඳව ද තමාගේ අවධානය යොමුවී ඇති බව කී අග‍්‍රාමාත්‍යවරයා තම අනුමැතියකින් තොරව මෙවැනි දේ නොකරන ලෙස ද මන්ත‍්‍රීවරුනට දැනුම් දී සිටියේය.
ඉන්දියා නිල සංචාරයෙන් පසු තමා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරුන්ට අග‍්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. එහිදී අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පක්ෂයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට කළ යෝජනා ප්රතික්ෂේප කිරීමට ජනාධිපති හා පක්ෂ සභාපති ලෙස තමන්ට හැකියාවක් නොමැති බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බවයි.
එය වැළැක්වීමට ගියහොත් පක්ෂය කඩා දැමූ නායකයා ලෙස තමා දෝෂදර්ශනයට ලක්වනු ඇතැයි ද ජනාධිපතිවරයා කී බව ද අග‍්‍රාමාත්‍යවරයා මන්ත‍්‍රීවරුනට දැනුම් දී ඇත. ඒකාබද්ධය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවීම හෝ වෙන්වීම් ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ ජයග‍්‍රහණය සඳහා බලපෑමක් කරගත යුතු නැති බව මෙහිදී අවධාරණය කළ අග‍්‍රාමාත්‍යවරයා මේ මැතිවරණවලින් ඉහළ ජයග‍්‍රහණයක් ලබා ගැනීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරු පක්ෂ නායකයෙක් ඕක මාධ්‍ය කිය කියා ඉන්නේ නැතිව කණ්ඩායම් රැස්වීමෙදී කණ්ඩායමට කිවුවානම් ඉවරයි නේ,හරියට අපේ අගමැති ආචාර්‍ය මර්වින් සිල්වා හරි සෙරප්පු සුප් බීපු රණසිංහ ද කියලා හිතෙන වාර අනන්තයි රටට අවශ්‍ය විහිලුකාරයන් නොව වගකීම් දැරිය හැකි නායකයන්ය.
ඉතා හොද ආදර්ශමත් නායකයෙක්! මෙවැනි සම්මුතියක් ඇතිකරගැනීමට කල්ප ගානක් බලාගෙන ඉන්න ඕනේ. නමුත් එය එක මාධ්‍ය සංදර්ශනයකින් නැතිකරන්නත් පුළුවන්!! ප්‍රවේසමෙන් කටයුතු කරන්න දුන් අවවාදය ඉතා හොදයි.
මෙතන ජනාධිපතිතුමා සඳහන් කලේ පක්ෂය කඩා දැමූ නායකයා ලෙස තමා දෝෂදර්ශනයට ලක්වනු ඇතැයි. ඒ කියන්නේ ජනාධිපතිතුමා පක්ෂයේ එකමුතුකම සඳහා පෙනී සිටින බව. නමුත් මේ ආදර්ශය රනිල් මහතා ළඟ තිබුනා නං, අද එක්සත් ජාතික පක්ෂයට මේ ඉරණම වෙන්නේ. මේ වෙනවිට දක්ෂයෝ කිහිප දෙනක් පක්ෂය අත හැරිලා ගිහින්. තවද පහුගිය ජනාධිපතිවරණ දෙකටම තමන්ගේ පක්ෂයෙන් අපේක්ෂකයක් ඉදිරිපත් කරන්න බැරි තරමට පක්ෂය කඩා වැටිලා. එකේ ප්‍රතිඵල තමයි අද අනුන්ගේ කරේ එල්ලිලා අගමැති වෙලා ඉන්නවා.
මෙමෙ ඡන්දෙදි ඔබතුම අනිවාර්යෙන් දිනනවා. නමුත් ශ්‍රී ලංකා කාරයෝ ටික මහින්ද ගාවට යනවා. මහින්ද එකුතුවෙලා අවොත් ශ්‍රී ලංකා කාරයෝ ඡන්දෙ දිනන්නේ ඉතාම අඩුවෙන් .එ්නිසා ජවිපෙ දෙවෙනි තැනට එනවා .2020 එජාපයෙන් තනි අපේක්ෂකයෙක් දැම්මා ගමන් නිදහස් පක්ෂේ අපේක්ෂකයා කපෝතියි. එ්නිසා 2020 දී ජනාධිපති සටන පොහොටුව සහ එජාපය අතර තියුණු සටනක් වෙනවා ,මොකද? සුළුජාතික ඡන්ද එජාපය වැඩියෙන් සහ සිංහල ඡන්ද වැඩිපුර පොහොට්ටුව ගන්න නිසා. 2020 උදා වනතුරු ජනාධිපතිතුමා එක්ක සහයෝගයෙන් ඉන්න එක හැරෙන්න දැනට කරන්න දෙයක් නැත.එකේ වාසිය කොටිහිතවාදීන් ගන්නවා .එක තම මහා විරු සතියේ එළිපිට සමරන්නේ.මේක තම සත්‍යය...
"එය වැළැක්වීමට ගියහොත් පක්ෂය කඩා දැමූ නායකයා ලෙස තමා දෝෂ දර්ශනයට ලක්වනු ඇතැයි ද ජනාධිපතිවරයා කී බව ද අග‍්‍රාමාත්‍යවරයා මන්ත‍්‍රීවරුනට දැනුම් දී ඇත. " ඇත්ත තමයි ?
ගමගේ ඔයාට පැහැදිලි නැතිව ඇති අගමැති තුමා හරි දේ තමයි කරලා තියන්න.............
ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට කළ යෝජනා ප්රතික්ෂේප කිරීමට ජනාධිපති හා පක්ෂ සභාපති ලෙස තමන්ට හැකියාවක් නොමැතිනම්, මොන ඉලව්වකටද පක්‍ෂ නායක කමයි සභාපති තනතුරයි දරන්නෙ?. ඕය පක්‍ෂ හදන්නද ආපි යූ එන් පී කාරයො ඕයට ඡන්දෙ දුන්නෙ?
රනිල්ට අවශ්‍යය අගමැති කම රැකගන්න විතරයි..............
මෙවැනි විහිලු නායකයින් අපට තව දුරටත් අවශ්‍ය නැහැ ,කොහෙන් දඩුවම් නොලැබුනත් තව නොබෝදිනකින් අපේ කතිරෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි ,මොහු තව දුරටත් සිටිය යුතුද ?.....අපේ රට අපට අවශ්‍යද ,ඡන්ද ලාභින් සැවොම වහාම සිතිය යුතු කාරණයක් ?ඉදිරියට තබා ඇති සියලු පොරොන්දු ඡන්ද ගුණ්ඩු පමණි .අපිම පත් කල මේ කණ්ඩායම අපි විසින්ම ප්‍රතික්ෂේප කරමු.......
අපේ රටේ මිනිස්සුන්ට තම පක්ෂය දිනවීමට ඇති උනන්දුව රටට වැඩදායි පුද්ගලයන් පත් කර ගැනීමට තිබුනා නම් මේ අවුරුදු 70 ට අපේ රට කෙතරම් දියුණු වී ඇද්ද??
කවුරු කොහොම කිව්වත් ජනාධිපති පත්වුණේ ඒජාප ඡන්දයෙන් . එදා අය්යෝ සිරිසේන කියපු අයට අද අපේ ජනාධිපති වෙලා..............
ජනපති සිරිසේන කියනා පරිදි ඔහුගේ වසර 50 ක දේශපාලන ජීවිතයේ ජනතාව සමග පාරට බැස කරන ලද එකම එක සටනක පින්තූරයක් හෝ පෙන්වන ලෙස අභියෝග කරමු. ජනතාවගේ අයිතිවාසිකම් සඳහා වූ සටනකට පාරට බැස ජීවිතයට සහාය නොදුන් ජනපති සිරිසේන දැන් ජනතාව සමග පාරට බසින බව කියන්නේය.