
(යොහාන් භාසුර)
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නව රජයේ තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (18 වැනිදා) පෙරවරුවේ වැඩ ඇරඹීය.
නාමල් රාජපක්‍ෂ මහතා අද සුබ නැකතට ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අමාත්‍යංශ ලිපියකට අත්සන යොදා වැඩ ආරම්භ කළ අතර, ඉස්ලාම් සහ හින්දු ආගමික පූජකවරු ද ඔහුට ආශීර්වාද කළහ. ඉන් අනතුරුව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ද නිල වශයෙන් වැඩ ආරම්භ කළේය.
නාමල් රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය ඇමතීමට නියමිතය.
මෙම අවස්ථාවට නාමල් රාජපක්‍ෂ මහතාගේ පියාණනන් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
කුඩු ගහන්නයි, බදුගහන්නයි නම් ලෝක සූත්තරයින් තමයි. ඒකත් ක්‍රීඩාවක්ලුනේ... !!!
සත 5ක වැඩක් නැහැ. වඳුරා සහ දැලි පිහිය මතක්වුණා ආයෙත්...
අනේ මන්දා..!!!
ශ්රී දළදා මාළිගාව ළඟ කාර් රේස් යන්නේ කවද්ද? එහෙම යනකොට කුරුණෑගල නගරාධිපතිත් එයිනේ. දැන් ඉතින් පටන් ගනියි රඟන්න.
ක්‍රීඩාවලට තෙරුවන් සරණයි...
නරියට කුකුල්ලු බාරදුන්නා වගේ...
මහා සිංහල පරමාදර්ශී බෞද්ධයින් පිරිසක් එක්ක බුදුන් වඳිනවා. මේවා රඟපෑමක්... කිසිම හැඟීමක් නැති අය කරන දේවල්...
මෙයා ඇවිල්ලා තියෙන්නේ සිහින ලෝකවල තියෙන ක්‍රීඩා දියුණු කරගන්න මිසක් ගමේ, රටේ අපි දන්න ක්‍රීඩා දියුණු කරන්න නොවේ.
අපරාදෙ, මුදල් ඇමැති වෙන්න මොලේ තියන කෙනෙක්, තරුණකම නිසා තමයි ඒක නොදී මේක දුන්නේ. කමක් නැහැ ඔහොම යං. දවසක කාටකාටත් තේරෙවි...
එන්න කලින්ම වැඩ පෙන්නලා ඇමතිතුමා. ඉරාජ්ටයි, ටෙහානිටයි අධ්‍යක්ෂ තනතුරු දෙකක්ම දීලා. මොනතරම් වටිනා වැඩක්ද? සාධුකාරයක් දීලා බලාගෙන ඉන්න...