( නිමන්ති රණසිංහ)
මහසොහෙන් බළකායේ ප්රධානී අමිත් වීරසිංහ ලබන 28 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.
මහජන සාමය, ආගමික සංහිදියාව කඩ කිරීම යන චෝදනා මත මොහු ඊයේ අත්අඩංගුවට ගත්තේය.
මෙහි විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තා කරන ලෙසද මහෙස්ත්රාත්වරිය නියෝග කළාය.
(ඡායාරූප -ලහිරු හර්ෂණ)


COMMENTS
ආණ්ඩුව දන්නෙ කොහෙවත් ඉන්න හාල් කෑලි ෆෝම් කරන්න විතරයි.වැඩක් නැති උන්ට වටිනාකම් ලබා දෙනවා.
ආණ්ඩුව ගෙදර හිටපු අයෙක්ව හිරේ දානවා ඇඟ බේර ගන්න. අයිඑස් අයිඑස් එවුන් ට ඇප දෙනවා
මේක ලිබියාවක් කරනවා කිව මුජබර් , මම තරුණයන්ට ආයුද බෙදුව කිව හිස්බුල්ල, හොර අයිඩි හැදුව ඡන්දෙට කිව බදුර්දීන් මේ විදියටම කුදලාගෙන යනවා දකින්න මගේ දෑස පින් කර ඇතැයි හීනෙන් සිතමි
රිමාන්ඩ් කරලත් නැත්ත් මොවුන්ගේ ක්රියාකාරකම් ගැන ආරක්ෂක අංශ අවදානයෙන් සිටිය යුතුයි...
රටට ආදරෙයි කියල පොලු අරගෙන මිනිසුන්ගේ දේපල හනිකරන්නේ නැතිව සිහි කල්පනාවෙන් ඉඳල නියම වරද කරුවා ගහල එලවන්න........ එක මැක්කට සේරම මැක්කෝ මරලා හරියනවද ?
මේ මනුස්සයා ගෙදර නේද හිටියේ ?
මොකටද තව කතා...
අමිත් මල්ලි අපි උඹත් එක්ක ඉන්නවා ලංකා මාතාවට ජය