(විනීතා එම් ගමගේ)
ඉන්ධන අර්බුදයක් ඇතැයි ආරංචිය පැතිරවීම අද (20) තෙල් පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීම පිළිබඳ පරික්ෂණයක් පවත්වන්නැයි ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.
සමහර ඉන්ධන පිරවුම්හල් ඉන්ධන තොග තිබියදීත් ඉන්ධන නැතැයි පවසා තිබීම හා සමාජ ජාල ඔස්සේ එම පුවත දිගින් දිගටමගෙන යාම පිළිබඳව පරික්ෂණ පවත්වන ලෙස ඉල්ලා පැමිණිලි කළ බව ඛණිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මුලින්ම සමාජ ජාල ඔස්සේ පැතිර ගිය ආරංචියෙන් කලබල වූ ජනතාව පෝලිම්වල රැඳී ඇති බවත් ඉන්ධන තිබියදීත් නැතැයි පවසා ඉන්ධන සැඟවූ පිරවුම්හල් පිළිබඳ පරික්ෂණ පවත්වා ඒවා අමාත්‍යාංශය යටතට ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
ඉන්ධන අවශ්‍ය තරම් ගබඩා කර තියෙනවා. කිසිකෙනෙක් කළබල විය යුතු නැහැ. ඉන්ධන නැව් තුනක් ලබන සතියේ එනවා. මැතිවරණයකුත් ළඟ එන්න තියෙනවා. සමාජ ජාල වෙබ් අඩවිවලින් මේ වගේ බොරු ආරංචි යන්නේ එහෙම කාලයකයි. මේවා කරන්නේ එකම පිරිසක්. ඉදිරියේ දී තෙල් ප්‍රශ්නයක් එනවා නම් මේ වගේම ඉදිරියට ඇවිත් ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල කියන්නෙත් මමමයි. කලින් වතාවේ ඉන්ධන අර්බුදයේ දී ඒ ගැන පරික්ෂණයක් කරන්න කියලා ඉල්ලූවේ මම. ඒ පරික්ෂණය පැවැත්වෙනවා.
ඉන්ධන ගැන මාෆියාවක් තියෙනවා. එක පිරිසක් ඉන්ධන වලින් කන කොට ඒකෙන් මුදවාගෙන ඒ මුදල් ජනතාව අතට යන්න සැලැස්සුවාම මේ වගේ දේවල් කෙරෙනවා යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
559
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්ධන අර්බුදය සීඅයිඩියට