(මනෝප‍්‍රිය ගුණසේකර සහ උපාලි ආනන්ද)
රජයේ රැකියාවක් ලබාදීම සඳහා ගම්බද කාන්තාවකගෙන් රුපියල් 50,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත පේ‍්‍රමරත්න මහතාට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා රුපියල් 10,000 ක දඩයක්ද ඔහුට නියම කළේය.
රජයේ කනිෂ්ඨ රැකියාවල නිරත සේවකයින් අල්ලස් දැලට කොටු කරගත්තත් දේශපාලනඥයින් ඉන් බේරී යන බවට රටේ මතයක් හටගෙන ඇති බැවින් සමාජයෙන් එම මතය මෙන්ම අල්ලසද ඈත් කර තැබිය හැකි ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ රුවනි වික‍්‍රමසිංහ මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවයා අදාළ දඬුවම් නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරු මීට වසර 10කට ඉහතදී ලබාගත් අල්ලසක් සම්බන්ධයෙන් මෙලෙස දඬුවම් නියම කෙරිණි.
COMMENTS
අනිවාර්යයෙන්ම අභියාචනා කරාවි. එක අහන්න දිගු කලක් යාවි.
අද බරපතල වැඩ සහිත සිර දඬුවම්. හෙට වනවිට අධි සැප සහිත රෝහල් ගතවේවිද?
දහම් , හෆීල්, ! වර්තමාන අධිකරණය තුලින් ජනතාවට කොකා පෙන්වමින් රිංගා යාමට තිබෙන ඉඩ ප්‍රස්තා අනුව ඔබ දෙදෙනාගේම අදහස්වලට එකඟ වෙන්න පුළුවනි. කල් මරා ගැනීමට අභියාචනා උපක්‍රමත් , වෙනත් ක්‍රමොපායනුත් යොදා ගැනීමට ඇති ඉඩකඩ ගැන අද ප්‍රකාශිත වෙනත් නඩුවක තීන්දුව දිහා බැලීමේදී වටහා ගත හැක.
තීන්දුව දෙන්න අවුරුදු 10 ගතවෙලා , අභියාචනයක් කලොත් එක ඉවර වෙනකොට තව අවුරුදු 10 විතර ගතවේවි. මට හිතෙන විදිහට ශාන්ත ප්‍රේමරත්නට දැන් අවුරුදු 60 විතර වෙනවා. හිරේ ඉන්න ගමන්ම ඔය ඇපිල් එකත් අහල ඉවර කරන්න බැරිද ?
හොඳ දඬුවමක්. මේ රටේ නඩු අවුරුද්දක් ඇතුලත අසා නිම කරන්න බැරිද?
හිටපු ඇමති කෙනෙක් කියන්නේ බලය නැති කෙනෙක්. බලයේ ඉන්න කෙනෙකුට දඩුවම් දීල නැහැ නේද?
සහකාර අධ්‍යක්ෂතුමියගේ ඉල්ලීම කාගේත් ප්‍රශංසාවට ලක්විය යුතු ඉතා අගයකළ යුත්තකි. හාල්මැස්සන් වගේම තෝරු, මෝරුන්වත් කොටුකර ගැනීමට හැකිවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. රුවිනි වික්‍රමසිංහ මහත්මියට ජයවේවා!