ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු නිලධාරියකු අයි.එස්.අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇතැයි වාර්තා වේ.
‘ද ප්‍රොෆෙස (මහාචාර්යවරයා)’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහුගේ නම අබ්දුල්ලා කර්දාෂ් බවත් ‘ද ඩිස්ට්‍රෝයර් (විනාශකරු)’ යන නමෙන්ද හැඳින්වෙන බවත් පැවසේ.
ඔහුගේ දැඩි ප්‍රතිපත්ති දරදඬු පාලනය හේතුවෙන් එම නම් පටබැඳී ඇති බවත් වාර්තා වේ. ඔහු සැරපරුෂ සහ කූර පුද්ගලයකු වුවත් අයි.එස්.අයි.එස්. සංවිධානය තුළ ජනප්‍රිය පුද්ගලයකු බව පැවසේ.
අබ්දුල්ලා කර්දාෂ් සදාම් හුසේන්ගේ හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කර ඇති බව පැවසෙන අතර හෙතෙම අබු බකර් අල් බැග්ඩෑඩි සිරගතව සිටියදී ඔහු සමඟ සිටි බව ද කියැවේ.
ඔහු අයි.එස්. සංවිධානයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයා බවත් අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ සමීපතමයකු බවත් ලැබෙන ආරංචිමාර්ගවලින් කියැවිණි.
අයි.එස්. සංවිධානයයේ පුවත් ආයතනය වන ‘අමාක්’ නිකුත් කළ නිවේදනයකට අනුව අල් බැග්ඩෑඩි පසුගිය අගෝස්තු මාසයේදී අයි.එස්. සංවිධානයේ දෛනික කටයුතු මෙහෙයවීමේ වගකීම ද කර්දාෂ්ට බාර දී තිබේ.
ඬේලිමේල් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd