IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘කොළඹ හඳුනාගත් ස්ථානවලට කුණු දැමීම ගැන බයවෙන්න එපා‘ - ආපදා කළමනාකරණ ඇමැති

(ඩයනා උදයංගනී)

කොළඹ නගරයේ කුණු බැහැර කිරීම සඳහා මේ වන විට ස්ථාන හඳුනාගෙන ඇති බවත් එම ස්ථාන වෙත කුණු බැහැර කිරීම සිදුකරන්නේ නව තාක්‍ෂණික හා සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුව වන අතර කසල ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රමවේදයන් ද අනුගමනය කරන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

එබැවින් මෙම ස්ථානවලට කසල බැහැර කිරීම ගැන බියක් ඇතිකරනොගන්නා ලෙස එම ප‍්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඉදිරියේදී කසල බැහැර කිරීමේ දී ඒවා වර්ගීකරණය කර සෞඛ්‍යාරක්‍ෂිතව බැහැර කරන බවට කොළඹ නගර සභාව ප‍්‍රකාශ කර තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

විරෝධතාකරුවන්ට ඇත්තේ විරෝධතා කිරීම පමණක් වුවත් කැලි කසල ඉවත්කිරීමේ වගකීමක් රජයට ඇති නිසා දැනට හඳුනාගෙන ඇති ස්ථානයන්ට කසල බැහැර කිරීම සිදුකරන බව ද ඔහු කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද(19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (8)

‘කොළඹ හඳුනාගත් ස්ථානවලට කුණු දැමීම ගැන බයවෙන්න එපා‘ - ආපදා කළමනාකරණ ඇමැති

daham Wednesday, 19 April 2017 02:20 PM

එතකොට අද ඉඳලම කසල බැහැර කරන්නේ ඔය කියන විදිහට වර්ග කරලද? මාර මැජික් එකක්නේ එහෙනම්.

:       2       18

හිල්මි Wednesday, 19 April 2017 02:51 PM

මීතොටමුල්ලත් ඔයවගේ හදුනාගත් තැනක් තමයි

:       2       68

anura Wednesday, 19 April 2017 02:54 PM

ඔබතුමන්ලා කියන කුණු කතා දැන් ජනතාව විශ්වාස කරන්නේ නැහැ.

:       0       117

ලපයා Thursday, 20 April 2017 12:05 AM

වෙන රටවල බැහැර කරන්න කුණු ඉතිරිවෙන්නේ නැහැ, ප්‍රතිචක්‍රීකරණය කරන ප්ලාස්ටික්, විදුරු, කඩදාසි, ලෝහ, කොම්පෝස්ට් පොහොර සදහා කොටස් වෙන් කලාට පසු ඉතිරි කොටස් දහනය කර ඒ අළු ටිකත් කොම්පෝස්ට් පොහොර වලට මිශ්‍ර කරනව. ඒ නිසා තෝරාගත් ස්ථාන නැහැ විද්‍යානුකුලව කොලොන්නාවට කුණු බැහැර කලාවගේ බැහැර කරන්න. ජනතාව දැන් රැවටෙන්නේ නැහැ. ඒ කලේ පහුවුනා.

:       0       0

nimallalitha Thursday, 20 April 2017 02:16 AM

ඇමතිතුමනි. බයවෙන්න එපා අපි හරියට කරනවා කියල කරන්න පටන් ගත්තහම කරන කෙරුවාව මම හොඳට දන්නවා. මා තරුණ කාලයේදී ,වැඩ බිම් පරික්ෂකයෙකුව සිට කොට්ටාස ඉන්ජිනේරුවෙකුගේ වැටුප් වර්දකය නවතා දැමීමට මුල්වී , එතනින් පළාත් පාලනයට පැන එජාප දුෂිත පළාත් පාලන සභාපති වරයෙකු ගෙදර යැවීමට මුල් වූ කෙනෙකු නිසා දේසපාලන ගැතියන්ගේ කෙරුවාව සහ සහ වැටුප බේරා ගන්න අපි රස්සාව කරනවා යන මතයේ පිහිටි නිලදාරීන්ගේ කෙරුවාව ගැන කියන්න දෙයක් නැහැ, එබැවින් ඔයේ කුණු වර්ග කිරීම, සුද්ද කිරීම හරියටම නියම පරිදි කෙරෙන වාද කියා සෙවීමට දේසපාලන ගැති කමින් තොර මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවකුත් පත්කරන්න.

:       0       0

මෙවන් Thursday, 20 April 2017 03:32 AM

අවුරුදු ගානක් කරන්න බැරි උන එක... එක රැයින් කරලා.. හික් හික් හික්...

:       0       0

vipula Thursday, 20 April 2017 07:34 AM

ඔබ තුමා ගේ දේශපාලන දිවියේ ඔයවගේ සාර්ථක වැඩ පිළිවෙලක් කල අවස්ථාවක් කියන්න බලන්න.

:       0       0

Senarath Thursday, 20 April 2017 09:34 AM

මේ ආණ්ඩුවේ ඉන්න ලොකුම "ගුලි දෙන " මිනිහෙක් මේ. මෙඋන් තමා පසුගිය ආණ්ඩුව පෙරලලා මේ ආණ්ඩුව ගෙන්න කුමන්ත්‍රණ කලේ. මේකත් ෂුවර් එකටම එහෙම එකෙක්, මිනිසුන්ගේ නගිහිටීම වලක්වන්න . කොටින්ම මේ ආණ්ඩුව මොනවද පසුගිය ඖරුධු 2 ට කෙළේ ? මුන්ට වාහන ගෙන්න ගත්ත ඇරෙන්න කිසිම දෙයක් කලාද ? අර පනත සම්මත කලාලු, මේ පනත සම්මත කලාලු. මොකක්ද මිනිසුන්න්ට උණු සෙතේ ? අද හිටියටත් වඩා පහලට වැටිලා නේද ? ගොටාභය කොළඹට කරපු වැඩටික නඩත්තු කරගන්නවත් මෙඋන්ට පුලුවන්ද ? රුපියල බාල්දු වෙලාම ඉවරවෙලා යාවි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31133 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13260 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10951 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site