IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


විදේශ අධ්‍යාපනය - රැකියා විකුණූ වංචාකාරී කෝටිපතියා අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි)

බලපත‍්‍ර රහිතව විදේශ අධ්‍යාපනය ලබා දීමේ ආයතනයක් පවත්වාගෙන ගෙන ගිය බව කියන කෝටිපති ව්‍යාපාරිකයකු අද (22) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

ආගමන විගමන පාලකවරයාගේ අවසරයකින් තොරව විදේශ ගමන් බලපත් ඔහු තම සන්තකයේ තබාගෙන එම ආයතනය පවත්වාගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවක් පිළිබඳව ලැබුණු පැමිණිලි රැසක් හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම කළ බවද පොලිසිය කියයි.

මෙම ආයතනය මගින් විදෙස් අධ්‍යාපන අවස්ථා සහ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් විවිධ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරක කටයුතු කරමින් රුපියල් ලක්ෂ දෙදහසකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට පැමිණිලි ලැබුණු බව ද පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව කොල්ලූපිටිය පොලිසිය  විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැටලීම් ඒකකය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරු නිලධාරීන් හා එක්ව මෙම වැටලීම කර තිබේ.

එහිදී මෙවැනි ආයතනයක් පවත්වාගෙන යාම සදහා සැකකරුට කිසිදු බලපත‍්‍රයක් නොතිබූ බවත් සැකකරු සන්තකයේ පුද්ගලයින් රැසකගේ විදේශ ගමන් බලපත‍්‍ර රාශියක් තිබූ බවත් පොලිසිය පවසයි.



අදහස් (7)

විදේශ අධ්‍යාපනය - රැකියා විකුණූ වංචාකාරී කෝටිපතියා අත්අඩංගුවට

saman rathnayake Wednesday, 22 November 2017 07:23 AM

මෙවැනිම ආයතනයක් ගාල්ලේ චීනකොරටුව මැද පාරේ තියෙනවා. ඔවුන්ට කිසිඳු බරපතලයක් තේරෙන්නේ නැහැ.

:       0       2

Rohitha Mangala. Wednesday, 22 November 2017 07:40 AM

ලංකාවේ ව්‍යාපාරික කෝටිපතියෝ කීදෙනෙක් ඉන්නවද? මේ මනුස්සයට නමක් නැද්ද?

:       0       6

kithsiri Wednesday, 22 November 2017 08:04 AM

මොකද අනේ අපේ රටේ හැමෝම වගේ හොරකමින් පොහොසත් වෙන්න දඟලන්නේ?

:       0       2

eka elle Wednesday, 22 November 2017 09:02 AM

මොකද මෙහෙම මුදල් හොයලා හිරේ ගියත් මාස 3නේ...

:       0       4

Arshath Wednesday, 22 November 2017 10:15 AM

ඇයි නම කියන්න බයද?

:       0       0

Dona Wednesday, 22 November 2017 10:27 AM

මොකක්ද මොහුගේ නම.. ?

:       0       0

Sarasi Wednesday, 22 November 2017 10:37 AM

ඇයි නම ප්‍රසිද්ධ නොකරන්නේ ? තවත් වංචා තිබේ නම් මහජනයා ඉදිරිපත් වේවි ඒ ගැන හෙළි කරන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1512 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site