IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උතුරු මහඇමැතිගේ අභියාචනය සළකා බැලීම සැප්තැම්බර් 5 වැනි දා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 
උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාළමින් අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය ලබන සැප්තැම්බර් 5 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
 
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම අභියාචනය බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
 
එදිනට මීට අදාළව කරුණු දක්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට  දන්වා තිබේ.‍


ඉකුත් අගෝස්තු උතුරු පළාත් ධීවර අමාත්‍ය ධූරයෙන් තමන් ඉවත් කිරීමට ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය නීතිවිරෝධී යැයි සඳහන් කරමින් හිටපු අමාත්‍ය ඩෙනීෂ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අභියාචනාධිකරණය ඔහු එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාළමින් අතුරු නියෝගයක්  නිකුත් කරන ලදී.

    
එම අතුරු නියෝගය නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වාදෙන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා එවැනි නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද සිය පෙත්සමින් කියා සිටී.
 
මේ හේතුවෙන් අභියාචනාධිකරණය මගින් නිකුත් කර ඇති තහනම් නියෝගය විසුරුවා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

උතුරු මහඇමැතිගේ අභියාචනය සළකා බැලීම සැප්තැම්බර් 5 වැනි දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site