IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යොදවයි

(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යෙදවීමට පොලිසිය කටයුතු කරනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවැසීය.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසුව ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීමට ඇති විය හැකි හෙයින් ඒවා වැළැක්වීමේ අරමුණින් මෙම පිවයර ගත් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සාමකාමීව විසිර යන ලෙසත් විභාග මධ්‍යස්ථානයේදී හෝ එම පරිශ්‍රයේදී කලහකාරී ලෙස හැසිරුණහොත් හෝ පොදු දේපළවලට අලාභ හානි සිදුකළ හොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් විභාග ශාලාධිපතිවරුන් වෙත උපදෙස් නිකුත් කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

යම් සිදුවීමක් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන ඇමැතුම් අංකය වන 1911 හෝ පොලිස් මූලස්ථානයේ 011-2421111 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.



අදහස් (1)

විභාග මධ්‍යස්ථාන අවට ජංගම පොලිස් මුර සංචාර යොදවයි

Mano Wednesday, 12 December 2018 04:51 AM

අපොයි දෙයියනේ රට කොතරම් පිරිහිලාද!! අපේ කාලෙ පාසැල් සිසුන් කොච්චර අහිංසකද!!

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 67 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2528 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site