(ඉන්දිකා රාමනායක)
72 නිදහස් සමරුව නිමිත්තෙන් හමුදා සේවය හැරගිය ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කර ඇති සතියක පොදු සමා කාලය තුළ අද(10) වනවිට නිලධාරීන් 12 සමඟ 4921 දෙනෙකු බාර වී ඇති බව හමුදාව පවසයි.
මෙම පිරිස අතර යුද හමුදාවේ නිලධාරී 6දෙනෙකු සමග සෙසු නිලයන් 3501 දෙනෙක් ද, නාවික හමුදාවේ 571 දෙනෙක් ද, ගුවන් හමුදාවෙන් නිලධාරීන් 6 දෙනකු සමග සෙසු නිලයන් 849 දෙනෙක් ද සිටින බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා පැවසීය.
පෙබරවාරි 05 වැනි දින සිට මෙම පොදු සමා කාලය ප‍්‍රකාශයට පත් කර ඇති අතර එය හෙටින් (12) අවසන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ ප්‍රේමදාසගේ කාලේ හමුදාව පළාතට අාවේ නැති සිංහල කොල්ලෝ කෙල්ලෝ ඝෝඨාභය මහතා ආරක්ෂක ලේකම් වුණාම බුරුතු පිටින් හමුදාවට බැඳිලා රට ජාතිය බේරාගන්න ජීවිතේ දුන්නා. ඝෝඨාභය මහතා ඉවත් වුණා සමගම ඒ කොල්ලෝ කෙල්ලෝ හමුදාව අත්හැර ගියා. හිටියොත් වෙන්නේ කාව රකින්නද කියලා දන්නා නිසා? ඔන්න ඝෝඨාභය මහතා දැන් ජනාධිපති... හමුදාව අතහැර ගිය වුන් නැවත හමුදාවට එකතු වෙනවා ලොකු විශ්වාසයකින්... ඕවා සජිත්ගේ කාලේ වෙන්නේ නැහැ ඉන්න ටිකත් දාලා යාවි...