(ආරියරත්න රණබාහු)
විදේශ ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මහ ලේකම්ට බාර දී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක් නොකළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය.
එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම් විසින් කතානායකට බාර දී න්‍යාය පත්‍රයට ඇතුළත් කළ යුතු බවත් පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කර ඇතුළත් කරන බවත් කීය.
එහෙත් ඒ සඳහා ඇති කාලය බ්‍රහස්පතින්දා වුවත් එම කාලය තුළ දී මෙම යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කිරිමට කාලයක් නොමැති බවත් බ්‍රහස්පතින්දා රැස්වෙන පක්ෂ නායක රැස්වීමේ දී ද එය සාකච්ඡාවට ගත නොහැකි බවත් ඔහු කීවේය.
COMMENTS
රවී ඉල්ලා අස් විය යුතු නමුත් හොරකම් සහ මිනීමැරුම් වලට නම් දැරූ පාර්ෂවයක් ගෙනෙන බංකොලොත් විශ්වාස භංගයකට කවුද ඡන්දෙ දෙන්නේ?
ඔක්කොම හොරු . යට ගහන ලකුණු?
ඔක්කොම හොරු . යට ගහන ලකුණු? දිල්රුක්ෂි FCID න් ඉවත් කලේ කවුද? ජනපති කවුරු බෙරීමටද?
මේක නිකන් ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ තමා. මේ කවුරුවත් වීදුරු මාලිගා වල ඉදල ගල් ගහන්නේ නෑ
අපට තියෙන හදිස්සිය එයාලට නෑ.
ඕක තව ටික දවසකදී ඔයගොල්ලෝ අමතක කරලා දමාවි හපොයි සල්ලි
ඇමෙරිකාවේ white house වල bible පන්ති පැවැත්වේ. ලංකාවේ පාර්ලිමේන්තුවේ බුද්දාගම පන්ති පැවැත්විය නොහැකිද?
වගකියන්නේ විදේශ ඇමතිටද එහෙමත් නැතිනම් මහජනතාවටද. මේක අති විශේෂ යෝජනාවක්සේ සලකා න්‍යාය පත්‍රයට ඇතුලත්කල යුතුව තිබුනා. මීටවඩා ඉක්මනට ඇතුලත්කල යෝජනා ඕනෑතරම් තියෙනවා. ඊනියා යහපාලනය දැන්නම් මිනිස්සුන්ට තිත්ත වෙලා.
ඡන්ද කල්දනවගේ මේකත් කල්දායි.
මේගොල්ල ඔක්කොම පල් හොරු. මේ රජයෙන් රවීව හිරේ දාලා අලෝසිඅස්ගෙන් මේ සල්ලේ අය කර ගත්තේ නට්ටන් අයෙත් නම් බොරු බය්ලා කියන්න එන්න එපා ඕන්ග්.
නො කතා, නො සිනා!
සියලුම පාලකයන්ගේ කටයුතුවල විනිවිද බාවයක් නැත ඔක්කොඅ මබ මිනිස්සු නොමග යවනවා ,,,,පූජ්‍ය සොබිත හිමියෝ අපවත් උනෙත් හිතේ දුකට ,,,සොබිත හාමුදුරුවන්ගේ නමෙන් තමුන්ට හොදක් වෙඉද
හහ් හහ් හා
මල්වානේ මාළිගාව අහසින් වැටුණු එකක් ලෙස ඔවුන් සලකන්නේ ද? ඩේසි ආච්චිට නම නොදන්නා මුදලාලි කෙනකු මැණික් මල්ලක් ගෙනත් දුන්නා යැයි කියා ඔබ විශ්වාස කරන්නේද? ඇලන් මැතිනියාරාමයේ පෙරහැරකට ගෙන ආ අලි පැටවකු ඇත්ගොව්වාට අමතක වී එහි දමා ගිය බව ඔබ පිළිගන්නේ ද? එකාබදය මේවට විශ්වාසභංගයක් ගෙන එන්නේ කවදාද ??????????
මහින්දගේ වටේ හිටපු හොරු ටිකයි , UNP එකේ හොරු ටිකයි අරගෙන රජයක් පිහිටවපු මෝඩ සිරා අපේ රටම කෑවා. මහින්දගේ රජය කාලේ හොරකම් කලාට , රටට යම් කිසි වැඩක් කලා. අදටත් අපිට ප්‍රයෝජනවත් දේවල් ගොඩක් කරලා තියෙනවා.... මුන් කලේ අපිට බදු ගහල හම්බ කරලා , තනියම කෑවා... එකත් මහින්ද රට ණය කලා කියල ඉලවු කරනවා.... මේවට අප්පුඩි ගහන ගොන් රැළකුත් ඉන්න එක තමයි රටේ අවාසනාව....
"හොරු සමග හෙළුවෙන්"ඔය කවුරු කවුරුත් කන්නාඩියක් ඉස්සරහට ගිහින් හිට ගත්තොත් තමයි හොද.
රවී ගේ විස්වාස භංගය ට පස්සේ අද 08/08/2017... සිරස නිවුස් පස්ට්... ගිය සියල්ල ජනාධිපති කොමිසමට එනකොට හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු ....!!!
රවී ව ගෙනාවේ පරණ සෙට් එක කොමිසමට පෝලිමේ දක්කන්න තමයි මට හිතෙන්නේ ...!!!
මුන් වෙනම සත්තු ජාතියක්
මෙම ආණ්ඩුව බලයට පත්වෙන්න වේදිකා වල පතුරු යවපු කතාවක් තමයි හොරකම දුෂණය අද ඒ දේ මෙම ආණ්ඩුව මගින් ද සිදුවීම ජනතාවට දරාගැනීමට නොහැකී. මන්ද ජනවාරි 8 වැනිදා පසු අලුතෙන් බදු හදුන්වාදී රටේ එතෙක් පැවති භාණ්ඩ හා සේවා වල මිල ගණන් සීග්‍ර ලෙස වැඩිවුණා . එසේම ආකාරයක්ෂම ආර්ථික කළමනාකරණය නිසා ඩොලරයේ අගය සීග්‍ර ලෙස වැඩිවුණා . ඒවායේ විපාක ජනතාව අත්විදිනවා . එසේම අනාගත ආර්ථික මර්මස්ථාන දීර්ග කාලීන බදු දීල ගන්න මුදල් මේවගේ දේවල් වලට වියදම් කිරීම ජනතාවගේ අභාග්යකි. රටේ සල්ලි නැහැ කියා රටේ සල්ලි මෙලෙස හොරකම් කිරීම අනුමත කරන අයද අප අතර ඉන්නවා . එසේම මේ ආකාරයට ලබාගත් මුදල් නැවත ආණ්ඩුවට ගන්න වැඩ පිළිවෙලක් කතාකරන්නේ නැහැ .
විශ්වාස බංගය ගෙනාවාම අට පාස් කීදෙනෙක් පක්ෂව හා විපක්ෂව චන්දය දෙයිද?
මේ හොරුන්ට දඬුවම් දෙන්න පාර්ලිමේන්තුව අපොහොසත් නම් අපි පාරට බහිමු.කොරියාවේ නායිකාව මිනිස්සු එකතු වෙලා ගෙදර යැවුවා නම් අපිට මේ කම්බ හොරුන් ව යවන්න බැරි මොකද.පාර්ලිමේන්තුවෙන් රටේ ජනතාවට සාධාරණයක් වෙන්නේ නැති නම් එකම විකල්පේ පාරට බැහැල එලවන එක.පත්තර වල කොමන්ට් දාලම බලන් ඉඳල හරියන්නේ නැහැ.
සරත් මහතාට අනුව ජනතාව පත්කර ගත් හොරු ජනතාව විසින්ම පලවා හැරිය යුතුය. වංචාවෙන්, දුෂණයෙන් කඩා වැටුණු ආර්ථිකයේ ජනතාව පාරට බැසීමෙන් තවත් ඉල්ලන්කන්නේ ජනතාවමය. මැතිවරණයකින් හෝ හොරු පන්නා දැමුවත් ඊළඟට ජනතාව පත්කර ගන්නෙත් හිටපු රාජකීය හොරුන්ව නොවන්නේද? මේ නිසා ජනතාවගේ වරද ජනතාවම තේරුම් ගත යුතුව ඇත.