ඩි.ජී.සුගතපාල
බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකුට හදිසියේ ඇතිවු උණ තත්වයක් නිසා ඔවුනට කොරෝනා වයිරසය ආසාදනය වි ඇතිදැයි පරික්ෂා කිරිම සඳහා එම දෙදෙනා අද(08)රාත්‍රි කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසිය.
මෙම දෙදෙනාගෙන් එක් අයෙක් ගාල්ල මාම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා දෙවිනුවර මාවන් අතපත්තු මාවතේ පදිංචිකරුවෙකි.
දෙවිනුවර පුද්ගලයා බන්ධනාගාර ගත විමට පෙර කොරියාවේ සිට පැමිණි පුද්ගලයෙකු ඇසුරුකර ඇති බව අනාවරණයවි ඇති බවද බන්ධනාගාර නිලධාරියා පැවසිය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.