(විනීතා එම් ගමගේ)
දරුවන් 20 දෙනෙකු සිටින මවක ලෙස වැඩිහිටි දිනයේ දී උපහාර ලැබූ ගලේවෙල බඹරගස්වැව කටුපොත පදිංචි හස්තිමු ආරච්චිගේ රොසලින් නෝනා මාතාව ලොව වැඩිම දරු පිරිසක් ලැබූ මවගේ වාර්තාවට හිමිකම් ලබන්නේ දැයි සොයා බලන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සුමින්ද සිංගප්පුලි මහතා ලංකාදීපයට අද (2) පැවැසිය.
මේ වනවිට වැඩිම දරුවන් පිරිසක් ඇති මාතාව ලෙස ගිනස් වාර්තාව ඇත්තේ දරුවන් 19 දෙනෙකු සිටින මවක් පිළිබඳ වාර්තාවක් යැයි කි ඒ මහතා ඒ පිළිබඳව නිත්‍යානුකූල සොයා බැලිම් සිදු කරන බව ද කීය.
දැනට අසූ වන වියේ පසුවන ඇය දරුවන් විසි දෙනෙකුගේ මවක වන අතර එයින් දරුවන් 15 දෙනෙකු ජීවත්ව සිටිති. වැඩිමහල් දියණිය මේ වනවිට 60 හැවිරිදි වියේ පසුවන්නීය. බාලයා තිස් හැවිරිදි වියේ පසුවන්නේය.
තම දරුවන් පස් දෙනෙක් වැඩිහිටිවියට පත්වූ පසුව නොයෙක් ලෙඩ දුක් හේතුවෙන් මිය ගිය බවත් තවමත් ඔවුන් සිහිපත්ව කඳුළු නැගෙන බව රොසලින් නෝනා මාතාව ලංකාදීපයට පැවැසුවාය.
‘‘මම අවුරුදු 15 දි විවාහ වුණේ. එතකොට අපේ එක්කෙනාට අවුරුදු 21 යි. අවුරුද්දෙන් අවුරුද්දට අපට දරුවො ලැබුනා. ඒ කාලෙ නම් දරුවො හදා ගන්න අපි හරියට දුක් වින්දා. ඒත් ඒ අය උස් මහත් වුණාම සන්තෝසයි. දැන් මට දරුවෝ, ඒ අයගෙ නෝනලා මහත්තයලා දරුමුණුපුරෝ ඔක්කොම 151 ඉන්නවා. ඒ කාලෙ විඳපු දුක් ගැන දැන් දුකක් නැහැ.‘‘යැයි ද ඇය පැවැසුවාය.

COMMENTS
මෑණියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! මතු භවයේදීත් ලංකාවේම ඉපිද මෙවැනිම දරුපිරිසක් රටට දායාද කිරීමට හැකිවේවා!
අනන්තවූ තුණුරුවන් ගුණ බෙලෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වර්ධනය වේවා ..! නිදුක් නීරොගිවේවා !!!
අම්මේ ඔබට දළදා සමිඳු පිහිටත් සියලු දෙවිරකවරණ අප ප්‍රර්ථනා කරන්නෙමු. වික්ටර් රත්නායක මහත්මාගේ මෙම සුන්දර ගීතය අපගේ මතකයට නැගෙනවා. එහි පද කීපයක් ලිවීමට සිත් දෙමි. ආදරයේ උල්පත වූ අම්මා// මා ඔබගේ පුතු වූ// ඔබ මතු බුදු වන දවසේ// මා රාහුල කුමරුන් සේ// සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි// සුළැඟිල්ලේ එල්ලී....//.
ඔබතුමියගේ වාසනාවට අපේ හෘදයාංගම සුභ පැතුම් සහ නිදුක් නීරෝගී සුව ජීවනය පතනවා.!
රුසියානූ ගැණු කෙනා තමයි ළමයි 69 ලබලා වාර්තාව තියලා තිබෙන්නේ. එහෙත් ඔබ අප රටට වාසනාවක් දීර්ඝායුෂ අම්මේ.
රුසියන් කාන්තාවක් දරුවන් හැට නව දෙනෙකු ලැබීමෙන් වාර්තාවක් පිහිටුවා ඇතිබව මේ වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක දන්නේ නැද්ද? ඕක ඔච්චර සොයා බලන්න ඕන තරම් නොවෙයි!
අපි මේ අම්මට දීගායුෂ පතමු
ලමයි 69ක් ඉන්න අම්මා කෙනෙක්ට දැනට මේ වාර්තාව තියෙන්නෙ. නිවුන් ජෝඩු 16ක්.
මේ මවට සියලු සැප පහසුකම් සහිතව කෑම බිම, බේත් හේත් , ගමන් බිමන් නොමිලේ දිය යුතුයි .. වාහනයක් සහ නිවසක් වෙනම ම නොමිලේ රජයෙන් ලබාදිය යුතුයි ... දරුවන් මුණුබුරන් කොපමණ සිටියත් ඇයට මේ සියල්ල රජයෙන් දියයුතුයි ..
අම්මේ ඔබට දීර්ඝායුෂ. මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා ස්තුති
ළමා විවාහයක ප්‍රතිඵල , මේ වගේ අඩු වයසකදී විවාහ වෙලා දරුවෝ වුනත් දුසිම් ගණන් හදන එක කොච්චර දරුවන්ට බලපෑමක්ද? ඒ දරුවන් සෞබ්‍ය සම්පන්නද කියල හිතල බලන්න මධ්‍යස්තව