IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අල්ලස් ගත් හිටපු විදුහල්පතිවරයාට අත්හිටවු සිර දඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)

ගිරිඋල්ල වික‍්‍රමශිලා විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා  රුපියල්  40,000/- ක අල්ලසක්   ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට මාස 16ක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා එම දඬුවම් කාලය වසර 07 කට අත්හිටුවීමට නියම කළේය.

රැකියාව අහිමිව වසර ගණනක් පුරා සිටීම තුළින් මේ වන විටත් විත්තිකරුට දඬුවම් ලැබී ඇතැයි ද කෙසේ නමුත් වයෝවෘද්ධව සිටින විත්තිකරුට සිර දඬුවම් නියම කිරීමට තමන් අපේක්‍ෂා නොකරන බව සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය. 

2006 වසරේදී ගිරිඋල්ල වික‍්‍රමශිලා විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ මවගෙන් විත්තිකාර එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අත්හිටවු සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 20,000/- ක දඩයකටද ඔහු යටත් කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ගිරිඋල්ල වික‍්‍රමශිලා විද්‍යාලයේ 2006 වසරේදී විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරුණාතිලක ජයසිංහ මහතාටය.

2006 අගොස්තු මස 18 වැනිදා මාතලේදී ගිරිඋල්ල වික‍්‍රමශිලා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම විදුහලේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ මවගෙන් රුපියල්  40,000/- ක් ඉල්ලා ලබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව  අල්ලස්  කොමිසම විසින් නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි සියළුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් සිළුම චෝදනාවන්ට ඔහු වරදකරු බව ප‍්‍රකාශයට පත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ අසිත ඇන්තනි මහතා කරුණු ඉදිරිපත් කරමින් දරුවන් පාසලට ඇතුලත් කර ගැනීම සඳහා අල්ලස් ගැනීම මේ වන විට අප රටේ එක්තරා කලාවක් වී ඇතැයි පැවසීය.

අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇතැයි කී අල්ලස් කොමසමේ සහකාර අධ්‍යක්‍ෂ නීතීඥ අසිත ඇන්තනි මහතා සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.



අදහස් (1)

අල්ලස් ගත් හිටපු විදුහල්පතිවරයාට අත්හිටවු සිර දඬුවම්

sanath Monday, 26 March 2018 06:33 PM

මහාධිකරණ විනිසුරු ඉතා සාධාරණ විනිශ්චයක් දීල තියෙන්නේ. දැනට අවුරුදු 12 කට පෙර කල වැරැද්දට මේ විදුහල්පති මේ දක්වා මානසිකව විඳවල තියෙනවා ඒ වගේම එයාගේ විශ්‍රාම වැටුපත් නැතිවෙලා තියෙනවා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ දැඩි දඬුවමක් දියයුතුයි කීවත් විනිසුරුවරයා අපක්ෂපාති තීරණයක් ගැනීම ගෞරවනීයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site