
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වීදුරු ගෙන්වන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් කෝටියකට අධික කහ තොගයක් කන්ටේනර තුනක සඟවා මෙරටට රැගෙනවිත් කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වාහන අංගනයකදී වෙනත් ලොරි රථ වලට පටවමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු අද (18)අලුයම අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ කහ කිලෝ 33,000ක්,කන්ටේනර් රථ 3ක් සහ ලොරි රථ හතරක් පොලිසිය භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටියක කහ තොගයක් සමග 10 දෙනෙකු අත්අඩංගුවට
Pradeep Friday, 18 September 2020 03:20 AM
මේ කන්ටේනර් තුන රේගු පරීක්ෂාවෙන් මිදී වරාය පරිශ්‍රයෙන් එළියට ආව හැටි ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න. අදාල දිනයේදී රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ගේ මීට ලොකු සම්බන්ධයක් ඇති. මහා පරිමාණයෙන් මත්කුඩු රට තුළට පැමිණෙන්නේත් මෙවන් දූෂිත නිලධාරීන් නිසයි.
prabha Friday, 18 September 2020 09:09 AM
රේගුවේ හොඳ මිනිහෙක් හොයාගන්නවාට වඩා ලේසියි මිනිසෙක් නොමැරුණු ගෙයකින් අබ ඇට ටිකක් හොයාගෙන එන එක...
kamal Friday, 18 September 2020 03:44 AM
ජාතියට කහ සපයන මේ ජාති හිතෛෂීන්ට රාජ්‍ය උපහාර පුදකළ යුතුයි. කහ කුඩු කළත් කහකුඩු කුඩු නෙමෙයි.
mryp Friday, 18 September 2020 05:11 AM
මෙවැනි අභිරහස් මාර්ගවලින් අපේ රටට ගෙනෙන දේවල්වල මොනවගේ ලෙඩ රෝග, දද, කුෂ්ඨ අරගෙන එන නිසා කිසිවෙකුත් නොදන්න නිසා පරිභෝජනයට නුසුදුසු බව හෙළිකරලා ඉක්මණින් විනාශ කළ යුතුයි. ඒ වගේම කොරෝනා නීති යටතේ මොවුන්ට දඬුවම් කළ යුතුයි..
Nihal Saturday, 19 September 2020 08:47 AM
අනිවාර්යයෙන්ම... කහ විනාශ කළ යුතුයි.. මත්කුඩු නැවත විකිණිය යුතුයි.