(අජන්ත කුමාර අගලකඩ)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී හෙට (22) දහවල් පැවැත්වෙි.
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද දහවල් 12 ට පැවැත්වෙන මෙම සාකච්ඡාවට සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ආණ්ඩුවේ ,පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් ට අද (21)දැනුම් දුන්නේය.
වත්මන් දේශපාලන තත්වය සහ යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් දැනටමත් විරෝධය පළ කර ඇත .
ඒ අනුව එම පක්ෂවල නායකයෝ පිරිසක් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදි හිටපු ජනාධිපතිවරයා අද හමුවි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ .
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කළ බව එම සාකච්ඡාවට සහභාගී වූ පක්ෂ නායකයෙක් සඳහන් කළේය .
හිටපු ජනාධිපතිවරයා ගේ නිවසේ අද පැවති සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ඇමති වාසුදේව නානයක්කාර , රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ ,කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුද සහභාගි වූහ .
COMMENTS
චීනෙට දුන්නොත් ප්‍රශ්නයක් නැති වෙයි නේද? දැන් ආසද
මේ 10 දෙනාගේ කල්ලිය නිසා රටේ මිලියන් 22ක ජනතාවට ප්‍රතිලාබ නැතිකර ගැනීමට අවශ්‍ය නැත.ලෝකයේ කිසිදු රටක මෙවැනි දේශපාලන නාටක නැත. ඔවුනට කරන්න හැකියාවක්ද නැත කරන කෙනෙකුට කරන්න දෙන්නේද නැත. රටේ දියුණුවට විනකරන කණඩායම් කියන ආකාරයට ජනාධිපති නැටවිය නොහැක. ඔහු ලෝකයේ දියුණුව දැක තිබේ ඔහුට උත්සහ කලෙත් රට දියුණු කිරීමට වේ. රට දියුණුවනවට සහ ජනතව හොදින් ජිවත්වනවට අකමැති බොරු දෙෂප්‍රේමීන්ට විරුද්ධව ගම්දන්වුතුල උත්ගොසන කලයුතුවේ. ඇමෙරිකාවට මුළු ලෝකයම පලනයකිරීමේ හැකියවක් තිබේ. ඒ සදහා යුද වදින්නට අවශ්‍ය නැත. ලෝකයේ දියුණු තම සමාගම් මගින් මේවන විටත් ඇමෙරිකාව ලෝකය පාලනය කරමින් සිටි.ගූගල් , මයික්‍රොසොෆ්ට් , නොමැතිව වර්තමාන ආර්ථික මෙන්ම තාක්ෂණික ලෝකයට පැවැත්මක් නොමැත. 10 දෙනාගේ බමුණු කල්ලිය ලෝකයට බනවදීමට යොදා ගන්නෙත් ඇමෙරිකාවේ නිෂ්පාදිත ඇපල් ජංගම දුරකථන බාවිතා කරමින් හෝ පරිගණකය වින්ඩොව්ස් 10 යොදාගනිමින් ඔන්ලයින් හරහා බව ඔවුන් නොදන්නේද ? බමුණු යුගයන් අවසන් කර 21 වන සත්වරශය ගැලපෙන ශ්‍රී ලංකාවක් ඉදිරියේදී නිර්මාණය කරමු
ඔබතුම මේ අයට දැනුම් දෙන්න මේ විදියට රජයට විරුද්ධව වැඩ කරනවනම් ආණ්ඩුව විසුරවලා දානවා කියල. ඔය දැගලිලි ඉබේම නවතිනවා
දැන් සැපද කියල කාලෙකින් මෙයා අපෙන් ඇහුවෙත් නැ
ඔන්න අපි රඟපෑමත් හරියට කරා
මේවා දැන් වෙනස් කරන්න බැහැ .ගනු දෙනු අරගෙන ඉවරයි
අගමැති සමග සාකච්ඡා සාර්ථකයි. කොන්දේසි පිට යුගදනව් පනතට අපේ සහාය... මේක තමයි අන්තිමට වෙන්නේ...