
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
ලෝකයේ මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාව ආනයන සීමා ලිහිල් කිරීමත් ණය ගෙවීම ආපසු ආරම්භ කිරීමත් සමඟ අනාගතයේදී ඉතාමත් දුෂ්කර කාලයකට ශ්‍රී ලංකා රුපියලට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම විශ්ලේෂකයන් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා රුපියල ඊයේ (31) ද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 1.4 කින් ශක්තිමත් වූ නමුත් වසර අවසාන වන විට නැවතත් ඇමෙරිකානු ඩොලරයක් ශ්‍රී ලංකා රුපියල් 350 ක අගයකට පැමිණෙනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇත.
ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමට සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් බැඳුම්කර වෙළඳපොළ ගනුදෙනු ඉහල යාමත් හේතුවක් වී ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය ප්‍රකාශ කර තිබේ.
COMMENTS
ශ්‍රී ලංකා රුපියල යනු ලොසින්ජරයක්වත් ගන්න බැරි මුදලක්...
ආණ්ඩුව කරණම් ගහන විදිය දැක්කම මතක් වෙන්නෙ කකුළුවා දිය කෙළපු හැටි.
මේ අනාවැකි කියන්නන් ගෙනුත් ලංකාව පරෙස්සම් විය යුතුය. දැන් කී දෙනෙක් ඔය වගේ අපබ්‍රංශ කීවද පහුගිය කාලෙ!
ලංකාවේ රුපියල ගැන දේශීයවත් විදේශීයවත් හරි දැක්මක් කවුරුවත් තාම කියලා නෑ. ආනයන නැවතිලා, මුළු ආර්ථිකේම හැකිලිලා ඍණ තත්වෙට බැහැලා, රස්සා නැතිවෙලා ලක්ෂ ගණනකගේ... එයාර් පෝට් එකේ ප්‍රභූ පර්යන්තයෙන් එන කෝටි ගණන් හොර රන්පොලු හා අනෙක් හොරබඩු ඇරුණාම ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම බිංදුවට බැහැලා. ජාත්‍යන්තර ගනුදෙණු වෙන්නේම නෑ. ඍණ ආර්ථිකයක අපි ජීවත් වෙන්නේ. කොටින්ම, ඉන්දියාවෙන් ගේන බිත්තරවලට ගෙවන්නෙත්, මෝදී දීපු SWAP එකකින්...
රනිල් රාජපක්ෂට නම් ඒවායේ ගාණක් නැහැ. තව මළගෙවල්, මගුල් ගෙවල් හොයනවා ඇති... ලෝකෙ වටා දුප්පත් මිනිස්සුන්ගේ බදුමුදලින් රවුම් ගහන්න.
මේ රුපියල ශක්තිමත් වීම ව්‍යාජයක් බව තේරෙනවා. මොකද සත පහකින් අපනයනය වැඩි කරලද? ගෙවුම් ශේෂය වාසි පැත්තට හරවලාද? ණය නොගෙවා තව ණයක් අරගෙන මේ විකාරේ...!
ආණ්ඩුවට අවශ්‍යවෙලා තියෙන්නේ තියෙන ඩොලර් ටිකෙන් රට බඩු ගෙනැල්ල, කාලා බීලා ජොලි කරලා ජනතාවට කොලේ වහන්න...
දැන් ඩොලරය අඩු වෙච්ච හින්ද කලු කඩ කාරයො අඩු ගානට රටේ තියෙන ඩොලර් ටික ගනියි. ඩොලරය අඩු උනා කියල වැඩි වෙච්ච බඩු අඩු උනෙත් නෑ. අන්තිමට කලු කඩ කාරයො වාසි ගනියි අහින්සක මිනිහට කෙලවෙයි.
225 පඩි වැඩි කලා අගෝස්තු 2022. ඒ හින්දා උන්ට අමාරුව දැනෙන්නේ නෑ. අපේ එවුන්ට තමා රස්සාත් නැති උනේ.
කවුරුත් කීම අවශ්‍ය නොවේ.අනාගතය ගැන අපි හොඳින් හොඳින් දනිමු
ණය පියවීම තවම ආරම්භ වී නොමැති බැවින් සමාලෝචකයින් අනාවැකි පළ කරයි!
ඔය කියන දේ දැනුත් සිදුවෙමින් පවතිනවා.උද්ධමනය දැනුත් 200%
මේ රටේ ඉන්න සමහර ගොන් මිනිස්සු හිතාගෙන ඉන්නේ දැන් ඉතින් සහසුද්දෙන්ම රට ගොඩ යන පාරට වැටිලා කියාලා. උන් දන්නවැයි ඔය මැක්‍රෝ ඉකොනොමි කියන්නේ මොන මල ඉලව්වක්ද කියලාවත්. ජනාධිපති ඡන්දයක් තිබ්බොත් දැන් රට කරගෙන යන හොරු ටික කොහොම හරි සුරපුරයක් අත ළඟ තමයි අපි ඉන්නේ කියලා මොත්තයක් දාලා ඔය කක්කුස්සි පෝච්චි ටිකක් ටකරන්, සිමෙන්ති, හාල් වගේ මොන මොනවා හරි තව සල්ලි ටිකක් එක්ක මිට මෙලෙව්වහම ඔය හාදයින් පට්ටි පිටින් ගිහින් කතිරේ ගහවි...
කෙළෙහි ගුණ දන්නැති ජාතිය ඉන්නේ මේ රටේ.. මේ සක්කිලියන්ට තව අවුරුද්දක් පෝලිම්වල මරාගන්න තිබ්බේ නැති එකයි වැරැද්ද...!
නිෂ්පාදනයක් නැති රටක මොන ආර්ථික වර්ධනයක්ද? මේකේ ඉන්න ලොකු මී හරක් ටික පොඩි මී හරක්ව නියමෙට දක්කන් යනවා.
ලංකාවේ ඉන්න කකුල්දෙකේ හරකුන්ට හොඳ මේ වගේ අය තමයි.