(***සුජිත් හේවාජුලිගේ)
අම්පාර පොතුවිල් මුහුදු මහ විහාර භූමියේ මැනුම් කටයුතු යළි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා හා මැනුම්පති ශ්‍යාමලී පෙරේරා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතය.
මුහුදු මහා විහාර භූමියේ යළි මැනුම් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ලංකාදීපයට ඊයේ (19) පැවැසීය.
මුහුදු මහා විහාරයට අයත් අක්කර 62 ක භූමි භාගයක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ලබන බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර එම භූමි භාගය නිවැරදිව මැන ගත යුතු වන බවද ප්‍රකාශ කළේය.
මුහුදු මහා විහාරයේ වර්තමාන තත්ත්වය දැන ගැනීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ලබන 27 වැනිදා එම ප්‍රදේශයට යෑමටද නියමිතය.
මුහුදු මහා විහාර භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමටද කටයුතු කරගෙන යන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
COMMENTS
සෙනරත්ම නේද ඕක පවරලා දුන්නේ? එයා නේද ඕකට වග කියන්න ඕනේ? එයා නේද ඕකේ පුරාවස්තු නැහැ කියල නිර්දේශ කලේ? එයා නේද ඔය ඉඩමෙන් අක්කර 30ක කනත්තක් දුන්නේ? දැන් එයාම දාලා මන්නවන්නද යන්නේ... ?
මෙම පන්සල් භූමියට අයත් අක්කර 71ත් අදාළ පිඹුරුපත් දෙපාර්තමේන්තුවේ තිබෙනවා. එහෙමනම් එම භූමියේ බිම් ලකුණු කිරීම අමාරු කාර්යයක් නොවෙයි.
සෙනරත් - චාමලී ඕක කිරීම විහිලුවක්... විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදාගෙන ඕක කරන්න..