ජයන්ත සමරකෝන්
කොළඹ මහ නගර සභාවේ ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අතවර සිදුවන බවට නාගරික මන්ත්‍රීනි ෂර්මිලා ගෝනවල මහත්මිය මහ සභාවේදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළකරන අතර එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් නාගරික කොමසාරිස් පී.කේ.ඒ. අනුර මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් 15 දෙනෙකු තම අත්සනින් යුතුව නගරාධිපතිවරයාට ලිපියක් බාරදී ඇත.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර ඒ සඳහා නිසි පියවර ගන්නා ලෙසද ඔවුහු සිය ලිපියෙන් ඉල්ලා තිබේ.
COMMENTS
හොරාට කලින් කෙහෙල් කන් වැට පැනලා තියෙන්නේ !
නගර සභාව යනු පාර්ලිමේන්තුව නොවේ. වරප්‍රසාද වලට මුවාවී පාර්ලිමේන්තුවේදී මොන දේ කිව්වත් මෙවැනි චෝදනා සම්බන්දයෙන් නිසි පරීක්ෂණ පවත්විය හැකිය. මෙම චෝදනාව පොලිසියේ කාන්ත හා ළමා අංශය වෙත යොමුකර නිසි විභාගයක් පවත්වන්න. අවශ්‍ය නීතිමය කටයුතු ඉක්මනින්ම හා තදින්ම ක්‍රියාත්මක කලහම සත්‍ය හෙළිවේවි,
මේ 15 දෙනාගේ වැඩ තහනම් කරලා මෙයලා ගැන පරීක්ෂණ කරන්න ඔන.