( කේ බුද්ධික කුමාරසිරි )
ජල සම්පාදන පහසුකම් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගී නිල රථය හයිලෙවල් මාර්ගයේ ගොඩගම 27 කණුව ප‍්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් අද (01) දින දහවල් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රත්නපුර ප‍්‍රදේශයේ පැවැත්වෙන ජන හමුවකට සහභාගී වීම සදහා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සිය රියදුරා ද සමගින් සිය නිල රථයෙන් කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කරමින් සටින අතරතුර මෙම අනතුර සිදුව ඇත
අනතුරට පත් යතුරුපැදිකරු ද හෝමාගම දෙස සිට ගොඩගම දෙසට පැමිණ 27 කණුව මංසන්ධියෙන් ගොඩගමගේවත්ත ප‍්‍රදේශයට යතුරුපැදිය හැරවීමට යාමේදී යතුරුපැදිය පස කරලීමට කටයුතු කරමින් සිටි අමාත්‍යවරයාගේ නිල රථයේ ගැටීමෙන් අදාල අනතුර සිදුව ඇති බවත් අනතුර සිදුවන ආකාරය අසල සතොස වෙළධසලෙහි ආරක්ෂිත කැමරා පද්ධතියෙහි සටහන්ව ඇති බවත් සිදු කල මූලික විමර්ශණයේදි අනාවරණය වූ වී ඇත
තුවාල ලැබූ පුද්ගලයාගේ තත්වය බරපතල නොවන බවත් ඔහුගේ අත් වලට සහ පාදයකට තුවාල සිදුව ඇති බවත් තුවාල කරුගේ සුවදුක් විමසීමට අමාත්‍යවරයා හෝමාගම මූලික රෝහලට පැමිණි බවද හෝමාගම මූලික රෝහලේ ප‍්‍රකාශකයෙකු පැවසීය
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හෝමාගම ගොඩගමවත්ත ප‍්‍රදේශයේ කුලී පදනම මත පදිංචිව සිටි පුද්ගලයෙකු වන බවත් එම පුද්ගලයා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ හිතවතකුද වන බැවින් සිද්ධිය සමථයකට පත් කර ගැනිමේ සූදානමක් පවතින බව ද වාර්ථා වේ
COMMENTS
වැඩේ කියන්නේ හිතවතෙක්මනේ ඇවිත් හැප්පිලා තියෙන්නේ..
මේ සුඛෝපභෝගී රථවාහන වලින් යන වාමාංශික සමාජවාදී නායකයා...
වැඩේ කියන්නේ මේ අයට මොනවත් වෙන්නේ නෑනේ...
සාදුකින් පෙළෙන අය දැන් නැගිටින්න...
අනේ ඇමතිතුමා පව්...
අවට පරිසරය නරක වචන වලින් පිරී ඉතිරී යන්න ඇති...
ඇමතිතුමාගේ දෑකැත්තත්, මිටියත් සුඛෝපභෝගි රථය තුළ තිබුණාද? ඒවා සුරක්ෂිතයිද?
කව්ද අපේ සර්ගේ වාහනේ හැප්පුවේ...?
වාහනයේ හැප්පිච්චි කෙනාට මෙයා හොඳ සුද්ද සිංහලෙන් කතා කරන්න ඇති. මහා ලොකු විප්ලවවාදියා. කතාවට නම් වාමාංශික... කෙරුවාව නම් කියලා වැඩක් නැහැ.
මේ මිනිසා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුත්තෙක්. එනපාර පාර්ලිමේන්තුවට නොඑවීමට වගබලා ගන්න මෙවැනි මිනිසුන්...
ඉතා හදිස්සි වැඩකට යන ගමන් වෙන්න ඇති...
හරි පුදුමයි අපේ මිනිස්සු. වාසුට පණ යනකම් බනිනවා. වාහනේ පදවලා තියෙන්නේ වෙන මිනිහෙක්... මේ වයසක මනුස්සයා මොනවා කරන්නද? අර එක ඇමතියෙක් රිය අනතුරෙන් පස්සේ පැනලා ගිහින් රියදුරා එව්වේ බිල්ලට. මෙයා අඩු ගානේ ඒ ලෙඩාව බලන්නත් ගිහින් තියෙනවනේ. අපේ මිනිස්සු කට තියෙනවට දොඩවන පිරිසක් මිසක් මොලේ තියෙන අය කියලා පේන්නේ නෑ.
අපිට මතකයි කොමියුනිස් කාරයන් ඔක්කොම ඔහොම අය තමයි. චීනයේවත්, රුසියාවේවත් ඔය පරණ ධර්මය හරි ගියේනෑ. එහාට මෙහාට පැනපැන දුප්පත් මිනිස්සුන්ගේ දේවල් කාබාසිනියා කරනවා.
සමාජවාදය නමට පමණි. ගමන බිමන නම් සුපිරි රථයේ, වාසය සුපිරි මැදුරු වල, කෑම බිම තරු හෝටල වල
ඒකනේ වාහන ඉන්ෂුවරන්ස් කරන්නේ.