හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඇදිරි නීතිය කාලය තුළ දඩයමේ ගොස් මීමින්නේකු වෙඩි තබා මරා දැමිමේ චෝදනාවට සහකාර වතු අධිකාරිවරයකු ඇතුළු සිව් දෙනෙකු පුත්තලම වන ජිවි පාලන ඒකකය හා වන ජීවි කාලාප ඒකකය එක්ව කල වැටලිමකදි ( 11) දින අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හලාවත වැවිලි සමාගමට අයත් පුත්තලම තම්බපණ්නී වත්තේ සහකාර වතු අධිකාරිවරයා , කේෂත්‍ර සහකාර ,ලිපිකරු හා කම්කරුවකු බව වන ජීවි නිළධාරින් පවසයි.
අක්කර 1000 කට ආසන්න මෙම වතු යාය තුළදී අදාල වතු යායේ වතු අධිකාරිවරයාට අයත් ලියාපදිංචි බෝර 12 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මීමින්නේකු වෙඩි තබා මරා ඇති බව කියයි.
ඇදිරි නීතීය පවතින කාලය තුළ සහකාර වතු අධිකාරිවරයා සමග හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් දඩයමේ නිරතවි ඇති බවත් වැටලිම සිදුවන අවස්ථාවේදි තිදෙනෙකු පලා ගොස් ඇති බව ද කියයි.
පලා ගිය පිරිස අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ අරඹා ඇති බව වන ජීවි නිලධාරීහු කියති.
ඒ සමගම අත් අඩංගුවට ගත් සහකාර වතු අධිකාරවරයා ඇතුළු සිව්දෙනා 11දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදකින් මෙහෙමත් සහකාර වතු අධිකාරී නිවටයෙක්... තමන්ගේ තනතුරට ගැලපෙනම දෙයක්නේ කරලා තියෙන්නේ මස් වැද්දෝ... වෛරසය මගින්ම නිසි දඩුවම් ලැබේවා... මෙම මස් වැද්දන්ගේ" මුණු " පල කරන්නේ නම් කෘතඥ වෙන්නෙමු.
කාලකන්නි පව්කාරයෝ.
කොරෝනා පැතිරිලා තියෙන්නේ වන සතුන් මරා කෑමේ ආනිශංසයක් නිසා. දැන්වත් මේ අහිංසක කැලෑ සතුන් සිව්පාවුන්ට පාඩුවේ ඉන්න දුන්නනම් හොදයි නේද ? නැත්නම් ඊළඟට කොරෝනා වලට වඩා ලොකු වසංගතයකට මුහුණ දෙන්න වෙයි.