(බන්දු තඹවිට සහ ප්‍රේමතිලක පෙරමුණ)
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී මෙවර ජනාධිපතිවරණයට සහයෝගය දක්වන ලෙස ඉල්ලා භික්ෂුන්වහන්සේලා දෙනමක් සහ තවත් ආධාරකරුවෝ තිදෙනෙක් අද(17) මතුගම නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළහ.
මෙම සත්‍යග්‍රහයට තෙබුවන ග්‍රන්තාකර පිරිවෙන් විහාරාධිපති තෙබුවන ඥානින්ද නායක හිමියන්, බොන්දුපිටියේ නාගතිස්ස හිමියන්, මාවිට ඤාණරතන හිමියන් සමග ප්‍රභාත් විජේවර්ධන, දුමින්ද දයාශාන්ත සහ නාලක සමර සිංහ යන පිරිසද එක්ව සිටියහ.
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ අධාරකරුවෝ පිරිසක් එක්වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ තෙබුවන ඥානින්ද නායක හිමියන් පැවසුවේ කළුතර දිස්ත්‍රික් ජනතාවගෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගෙන තේරී පත්වූ කුමාර වෙල්ගම මහතාගේ සහයෝගය මේ අවස්ථාවේ රටේ අනාගතය තීරණය කිරීමට ඉතාම අවශ්‍ය බවත්, ඒ මහතා තවදුරටත් නිහඬව නොසිට ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය යුතු බවත්ය. ඒ සඳහා මෙම සත්‍යග්‍රහය ආරම්භ කරන බවත් ඒ සඳහා අද දිනයේ යහපත් ප්‍රතිචාරයක් නොමැති වූවහොත් සත්‍යග්‍රහයේ යේදී සිටින පිරිස මාරාන්තික උපවාසයක් දක්වා ගෙන යාමට තීරණය කර ඇති බවත් හිමියෝ ප්‍රකාශ කළහ.



(ඡායාරූප - බන්දු තඹවිට)


(ඡායාරූප - ප්‍රේමතිලක පෙරමුණ)
COMMENTS
පවුල් පාලනයකට ඒ මහත්තයා සහයෝගයක් දෙන්නේ නැහැ කියල කියනවා නේද? මොකටද ඉතින් මේ කාලේ නාස්ති කරන්නේ ? මේ කට්ටිය රටට ආදරයක් තියෙනවානම් කරන්න තියෙන්නේ වෙල්ගම මහත්තයත් එක්ක එකතුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගන්න එකයි. නැත්නම් වෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ ඒ පක්ෂයත් එක පවුලක බුදලය බවට පත්වෙන එකයි.
තැඹිලි වතුර ලෑස්තිද?
කවටයෝ
වර්ණපාල තියරිය වෙන්නැති
පිස්සුද හැටිද..? මේ රට දියුණු කරන්නේ කොහොමද? ගොන් වැඩ කරන්න මෙච්චර වෙලාව කන්න තියෙද්දී...
NGO සහ බටහිර අධිරාජ්‍යවාදීන් සමග අැමරිකානුවන්ගේ සල්ලි...
බැනරයට වියදම් කරලා තියෙන ප්‍රමාණය දැක්කාම හිතා ගන්න පුළුවන් කාගේ වැඩක්ද කියලා... කළුතර දිස්ත්‍රික්කයටම මහා සංඝ රත්නය ඉන්නේ හතර නමයිද?
වෙල්ගමයාණෙනි, පොහොට්ටුවේ පස්ස දොරින් ගියාට තැඹිලි වීදුරුවකුත් පොවලා ඉස්සරහ දොරින් ආයෙත් ගෙට ගන්න කියලා මහින්දට බල කරන්න නේද ඔහොම කරන්නේ...? අපි බබ්බු නෙවෙයි වෙල්ගමයාණෙනි.!
මේ පිං බතාලට වෙන වැඩක් නැද්ද? කාලකන්නි... ආගමට නිගා කරනවා.
ඔහු බුද්ධ චීවරයට ගිය කළ...
පිස්සු නැත්නම් හොඳයි.. එළිය ඉඳගෙන ලොකුකම් කතා කරලා දැන් බලනවා ඇතුළට යන්න...
ඔක්කොම ටික මැරියල්ලා...
යන එන මං නෑ වගේ...!!!!
වෙල්ගම මහතාගේ ප්‍රජාතන්ත්‍ර අයිතියට බලපෑම් එල්ල කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැත. ඒ මහතාගේ මතයට ගරුකළ යුතුවන අතර එය බලහත්කාරයෙන් වෙනස් කිරීමට යෑම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන අභියෝගයකි.
ඔහොමවත් මෝඩ වහල්ලු තුන්දෙනෙක් මැරිලා යනවා නම් ලොකු දෙයක්...
දේශපාලකයින්ට ලැජ්ජා, බිය කියන එක ගෑවිලාවත් නැහැ. වාසියට කොන්ද සියට නැවෙයි. උදාහරණ කන්ද උඩරට පැත්තේ ඉන්න රජගෙදර කවටයා. බලමු අපි කොන්ද පණ ඇති එකෙක් හරි ඉන්නවද කියලා...
ස්වාමීන්වහන්සේ ලා මෙලෙස බලපෑම් කිරීම විශ්වාස කල නොහැක. මෙය පිටුපස ඉන්නේ වෙල්ගම මහතා ම ද? නැතහොත් වෙන කණ්ඩායමක්ද? කෙසේ වෙතත් මේ ව්දිහට අපේ ආගම ධර්මයට කැළලක් නොකිරීමට වග බලා ගත යුතුය. බුදු දහමට පක්ෂ පාට භේද නොමැත.
විගඩම් .
මේ හාමුදුරුවරු තථාගත ධර්මයට අනුව රාග ද්වේශ හා මෝහ ප්‍රහාණය කර නිවන් මග ප්‍රගුණ කිරීම උදෙසා පැවිදිවුවාද එහමත් නැතිනම් දේශ පාලුවන්ට කඩේ යන්න චීවරය දරාගත් පිරිසක්ද යන්න තමයි මට තියෙන ගැටලුව.
මොවුන්ට අමු කැවිලා. චීවරධාරීන්ටත් ලැජ්ජාවක් නැති හැටි. දූෂිත පවුල් පාලනේ ඔවුන්ව බලයට ගේන්ඩද ඕනෑ වෙලා තියෙන්නේ? තමුන් කැමැති ඕනෑම තීරණයක් ගන්න එක තමුන්ගෙ අයිතියක්.... ඒකට බලපෑම් කරන්න හදන්නේ කාගේ හරි වුවමනාවක් ඉෂ්ට කරන්ඩ වෙන්ඩ ඇති...
බෞද්ධ දර්ශනයට විරුද්ධ භික්ෂූන් කිහිප දෙනෙක්...
නියමයි වල්ගම.. ඕක තමයි පාර... දැන් කියන්න පුළුවන්නේ හාමුදුරුවරු කියන නිසා ආවා කියලා... නිකන් නෙමේ ලොකු ඩිමාන්ඩ් එකකුත් අරගෙන තමයි එන්නේ... පාඩුවේ ඉන්න හලෝ ගෙදරට වෙලා...
තවත් නරි නාටකයක්...
මේ ගෝඨාස් ගේමක්...
වහාම මානසික රෝහලට මේ අයව යොමු කරන්න. පවුල් අපේක්ෂකයා පරදින නිසා මේ පුද්ගලයන් මානසික ගැටළුවක් ඇතිවෙලා වගේ...
චීවරයට නිඟාදෙන තකතීරුවන් බුදු සසුනට එපා 'මේකත් රණවිරු‘ උපවාසය වගෙයි...
කව්ද පස්සෙන් ඉන්නේ ?
වෙල්ගම හොද මනුස්සය ,එය එයාගේ මතයේ ඉදගෙන කියපුව අපහු හරවගන එන්න.නැතිනම් ඔබට වගේම ඔබ වට සිටින අයට මොකද වෙන්නේ?ගෝටභය ගැන ඔබ දරන මතයට වැඩ ජනතාව දරන මතය වෙනස් නිසා, කාගෙවත් බලකිරීමට ආවා කින්න එපා..නැතිනම් ඔබට වෙන්නේ ගිලෙන නැවට වෙලා ඉන්නයි.
සල්ලි තිබුනට බලය නැතිව ජීවත් වෙන්න බෑ ඒක නිසා තමා මේවා කරන්නේ