IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ව්‍යාජ නෝට්ටු 21 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දිකා රාමනායක
 
      
රුපියල් 5000 සහ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 21 සමඟ පුද්ගලයන් දෙදෙනෙකු  යාපනය වඩුකෝට්ටේ   පොන්නාලෙයි හංදියේ දී අද (11) දහවල්  අත්අඩංගුවට ගත් බව වඩුක්කෝට්ටේ පොලිසිය කියයි.
 
මෙම සැකකරුවන් දෙදෙනා  පොන්නාලේ හන්දියේ වෙළෙඳසැල් කිහිපයක් වෙත ගොස් මෙම ව්‍යාජ මුදල්  මාරු කරමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.
 
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ  මොවුන් දෙදෙනා සතුව  රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 20 ක් හා දහසේ නෝට්ටුවක් තිබු බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේ දී මොවුන් නල්ලූර් ප‍්‍රදේශයේ නිවසක තිබී මෙම ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා යොදාගෙන තිබු මුද්‍රණ යන්ත‍්‍රයක් හා ලැප්ටොප් යන්ත‍්‍රයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
 
යාපනය ප‍්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු ගැවසෙන බවත් ඒ සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

ව්‍යාජ නෝට්ටු 21 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 127 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 211 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site