
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ළමයකු ලෙස හඳුන්වන්නන්ගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවල සඳහන් වේ.
මේ පිළිබඳව ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට හා ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදී මේ කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
COMMENTS
ලංකාවේ අවුරුදු 20-25 අතර බහුතරයක් නඩත්තු වෙන්නේ දෙමව්පියන්ගෙන්.
ඕක අවුරුදු දහඅට දක්වා නොවෙයි අවුරුදු පනහ දක්වා වත් වැඩි කල යුතුයි. ලංකාවේ මිනිස්සු කොතරම් වයසට ගියාට මොළයේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය අතින් ඔවුන් ළදරු පුංචි බබාලා..
දැන් ඉන්න ළමයි අපේ කනෙනුත් රිංගන්න දන්නවා.. සමහරු ඉන්නවා කසාදත් බැඳලා. කුඩාකාලේ ඉඳලාම හොඳගති, සිරිත් පුරුදු පුහුණු වෙන එකයි වැදගත්ම දේ...
ගැණු ළමයෙක් මල්වර වූ පසු වැඩිහිටියෙකු ලෙස සැලකීමේ වරදක් නැත.
14න් පසු වැඩිහිටියන් ලෙස සලකන්න...!
ඒක බොහොම හොඳ අදහසක්... නැතිනම් මොවුන් හිතාගෙන ඉන්නේ රටටම උපදෙස් දෙන සීයලා හැටියට. පොඩි එවුන් පොඩි එවුන් හැටියට ඉන්න ඕනේ... එනවා අපිට රට කරන හැටි, දේශපාලනය කරන හැටි කියලා දෙන්න. දැන් හොඳ වේවැලක් ගෙදර ගේන්න ඕනේ...!
ගොඩක් හොඳ තීරණයක්...!